Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 11
2,061
Views
ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සේවයේ නිරතවීම සම්බන්ධයෙන් කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම ස්ථානය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්ද සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


ඔවුන් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ගම්පහ මූලස්ථාන පොලිසියයි ඊයේ අලුයම මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මේ අතර අදාළ වැටලීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි පුද්ගලයන් 6ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතකර ඇති පිරිස අතර ටෙලිනාට්‍ය නිළියක් ද සිටින බවයි වාර්තා වන්නේ.

ඇය සමාජ ශාලාවල සේවයේ නිරතවී ඇති ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් එක්වී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 30 - 40 අතර වයසේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් නිට්ටඹුව, ගණේමුල්ල, යාගොඩ, සියඹලාපෙ සහ දෙල්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවයි අනාවරණ වී ඇත්තේ.

එම කාන්තාවන් මීට පෙරද මෙවැනි ස්ථානවල සේවයේ නිරතවී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හෝටලයේ විවිධ අපචාර සිදුවන බවට ලද පැමිණිලිවලට අනුවයි අදාළ වැටලීම සිදුකර ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top