Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 08
3,162
Views

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය ගැන තවමත් හැමතැනම වගේ කතාවෙනවා. මෙම සාදයට නළු නිළියන් රැසක් සහභාගී වෙලා හිටියා.
ඒ් අය ගැනත් ඒ් නළු නිළියන්ගේ විලාසිතා ගැනත් හුඟ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ් අතරින් කෙනෙක් තමයි නොඑල් ටොකුහිසා. 28 හැවිරිදි ටොකුහිසා සංක්‍රාන්තික ලිංගිකයෙක්.
ඇය මේ වනවිට නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.


ඒ වගේම ඇය 2018 වසරේදී සංක්‍රාන්තික ලිංගිකයන්ටම වෙන්වුනු Miss International Queen තරඟයටත් සහභාගි වෙලා තිබෙනවා.
ඒ තරඟයයෙන් පසුව තිබුණු සාකච්ඡාවකදී ඇය කියා තිබුණේ මෙවැනි කතාවක්.
‘‘පිරිමි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මට දැනුනා මම මගේ වයසේ අනෙක් පිරිමි දරුවන්ගෙන් වෙනස් කියලා.


ටිකෙන් ටික මම ගෑනු ළමයෙක් වගේ අදින්න පුරුදු වුණා.පිරිමි ළමුන් එක්ක වඩා ගෑනු ළමුන් එක්ක කතා කරන්න පුරුදු වුණා.
ඉන් පස්සේ මම නර්තනයට වඩාත් ඇලුම් කළා.පිරිමියෙකු ලෙස විතරක් නෙමෙයි කාන්තාවක ලෙසත් නටන්න පුලුවන් වුනා.
නර්තනට තිබූ ආසාව මා වඩාත් සැහැල්ලු කලා.


රූ රැජිණ තරඟයකට සහභාගි වෙලා ජයග්‍රහණයක් ලබද්දි මට වයස අවුරුදු 18යි.
ඒ අවස්ථාවේ මා ඇත්තටම කාන්තාවක ලෙස දැනුනා.ඉන්පසුව මා වෙනස් වෙන්න, මට අවශ්‍ය කෙනා ලෙස ජීවත් වෙන්න තීරණය කළා.
ලිංගික සංක්‍රාන්තිකයන්ට ආදර්ශයක් වෙන්න මම කැමතියි‘‘ යනුවෙනුයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top