Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 04
2,367
Views
උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ආදරණීයම චරිත දෙකක්. උමාලි තිලකරත්න ගැන කතා කරොත් පසුගිය අවුරුදු කිහිපයේ සම්මාන උළෙලවල සහ චිත්‍රපට හරහා ඇයව දකින්නට ලැබුණා. නමුත් ඇය ඉන්පස්සේ කාලයක් ලංකාවේ හිටියේ නැහැ. මේ නිසා හැමෝම හිතුවේ ඇය කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙලා කියලා.. මේ ගැන උමාලි සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි.



පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ නේද?

අවුරුදු එකහමාරක වගේ කාලයක්‌ මම ලංකාවේ රැඳුණේ නැහැ. ඒ වුණාට මම දායකවුණ නිර්මාණ එළිදැක්‌වුණා. ඒවා නරඹලා මිනිස්‌සු මගේ රංගනය විඳලා තිබුණ හින්දා වෙන්න ඕනෑ මේ සම්මාන මට හිමිවුණේ.

මෑත කාලයේ ඔබ හරි නිහඬ චරිතයක්‌. ඇයි ඒ ?

සමාජය මාව දන්නේ රංගන ශිල්පිණියක්‌ හෝ කලා ශිල්පිණියක්‌ විදිහටනේ. ඉතිං මෑත කාලයේ කියන්නේ මේ අවුරුද්දේ අලුත් නිර්මාණවලට නම් සහභාගි වුණේ නැහැ. ගිය අවුරුද්ද පුරාවටම සම්මාන උළෙලවල සහ චිත්‍රපට හරහා මාව දකින්න ලැබුණා. ඊට අමතරව මට කාලය ඕනෑවුණා මගේ පියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන්. රඟපෑම හරහා මම නිහඬ නෑ.

පසුගිය දවස්‌වල වැඩිපුර නිර්මාණවලට දායකවුණේ නැහැ නේද?

නැහැ.

ආරාධනා ලැබුණේ නැතිද?

ආරාධනා ලැබුණා. ඒවා සාකච්ඡා මට්‌ටමේ තියෙන්නේ. අනික මම ගිය වසරේ ව්‍යාපාර කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමට විදෙස්‌ගතවෙලයි හිටියේ.

නිළියක්‌ විදිහට සාර්ථකයි කියලා හිතනවාද?

මම රංගනයට එන්නේ අහම්බයෙන්. එතැනදී මට තේරෙනවා මේ වෘත්තියට සාධාරණයක්‌ කරන්න ඕනෑ නම් ඒ ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් හැදෑරීමක්‌ කළ යුතුයි කියලත්. ඒ හින්දා තමයි ජපානයේ අවුරුදු හතරහමාරක කාලයක්‌ ගත කරලා ඒ පිළිබඳව වැඩිදුර හැදෑරීමක්‌ සිදුකරන්නේ. ඒවායේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.

උමාලි ඇයි මේ මාධ්‍ය ඉදිරියට වැඩිපුර එන්නේ නැත්තේ ?

මාධ්‍ය ඉස්‌සරහට නෙමෙයි රංගන ශිල්පිණියක්‌ විදිහට කැමරාවට ඉදිරියට තමයි යන්නේ.

ගෙවී ගිය කාලය ගැන ආපහු හැරී බැලුවොත් ?

ගෙවෙන හැම මොහොතක්‌ ගැනම සතුටින් හිතන්න ඕනෑ. ජීවිතය කියන්නේ වටිනා දෙයක්‌. මොහොතින් ඉපදීලා මොහොතකින් නැතිවෙන දෙයක්‌. ඒ ධර්මතාවය දකිමින් ජීවත්වෙද්දී ගෙවිච්ච දශක තුනක කාලයේ මම මුහුණ දුන්න අත්දැකීම් ජීවිතය කියන්නේ මොකක්‌ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න හැම අත්දැකීමක්‌ම පිටිවහලක්‌ වුණා. ශක්‌තියක්‌ වුණා. හැමදෙයක්‌ ගැනම මම හිතන්නේ හරිම උපේක්‍ෂාවෙන් සහ සතුටකින්.

ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?

නැහැ. කිසිම පසුතැවීමක්‌ නැහැ.

නිහඬවීම නිසා නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ. ඒක අපරාධයක්‌ නේද?

මම කොහොමත් හැමදාම පෙනී හිටපු කෙනෙක්‌ නෙමෙයි. කැමරාවක්‌ ඉදිරියට මාව මුලින්ම තෝරාගන්නේ උදයකාන්ත මහත්මයා. මේ අතරතුර විවේක කාල ඕනෑතරම් තිබුණා. නිහඬයි කියන්නේ මාධ්‍ය ඉදිරියට එන්නේ නැති නිසා වෙන්න ඇති.

-දිනේෂ් විතාන-

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top