Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 25
4,223
Views
දරු ප්‍රසූතියෙන් මාස 8කට පසුව නැවත ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගබිමට පිවිසීමට සූදානම් වූ ඇමෙරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩක සෙරීනා විලියම්ස්ට තිබු සිහිනය එහෙම පිටින්ම බොඳ කර දමමින් 2018 ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ දොර ඇයට වසා දැමීමට සංවිධායකයෝ පියවර ගත්හ.


ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 23ක් අතතැව සිටින මේ විශිෂ්ට ක්‍රීඩිකාවට ප්‍රංශ තරග බිමේ දොරටුව වැසී ගියේ ඇය අන්තර්ජාතික ටෙනිස් සංගමයේ ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් නොවන බව කියමින් තරග සංවිධායකයන් විසින් ඇගේ සහභාගීත්වය අහිමිකරනු ලැබිම නිසාය.

මීට පෙර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා තුනක්ම දිනා සිටින සෙරීනා මෙවර තරගාවලියේදී සිවුවැනි කුසලානය ඩැහැගැනීමට සූදානමින් සිටියාය.

මේ වසරේදිත් තරග සංවිධායකයන් අන්තර්ජාතික ටෙනිස් සංගමයේ ශ්‍රේණිගත කිරීම් පදනම් කරමින් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළ ගැස්විමට තීරණය කර ඇත. ශ්‍රේණිගත කිරිම්වල නොසිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව පිරිනැමීම තරග සංවිධායකයන්ගේ අයිතිවාසිකමකි.

ඇය දරු ප්‍රසුතිය නිසා ටෙනිස් තරගබිමෙන් ඈත්වූවද අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවූවාය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් පහළට ඇදී ගිය සෙරීනාට වත්මන් ශ්‍රේණිගත කිරිම් අනුව හිමිවී ඇත්තේ 453 වැනි තැනයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top