Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 23
894
Views
දරුවන් විසින් කුඩා කාමරයක සිරකර සිටි 86 හැවිරිදි වයෝවෘද්ධ මවක් සොයාගැනීමට ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද සමත්වුණා.


දෙහිවල - ගල්වල පාර - සමන් මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ලෑලිවලින් සකස් කර තිබූ මෙම කාමරය පොලීසිය පරීක්ෂා කළේ ඔවුන්ට ලද තොරතුරකට අනුවයි.

එහිදී මෙම මව සොයාගැනුනු අතර, එම අවස්ථාවේදී ඇගේ දියණියක්ද එම ස්ථානයට පැමිණියා. 

මෙම වයෝවෘද්ධ මවට තවත් දරුවන් තුන්දෙනෙකුද සිටින අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ නිවෙස්ද ඒ ආසන්නයේ පිහිටා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව වයෝවෘද්ධ මව පොලිස් භාරයට ගැනුනු අතර, අනතුරුව ඇයව ඇතුළත් කෙරුණේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි.

මෙම ස්ථානයේ සිටි ඇගේ දියණිය ද පසුව ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගැනුනා.

වයෝවෘද්ධ මවගේ දරුවන්ට එරෙහිව ඉදිරියේදී වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top