Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 17
980
Views
LTTE ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය මැයි මස 18 වැනි දා උතුරු පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද ප්‍රකාශ කළා.


ශ්‍රී ලාංකීය හමුදා තුළ මෙන්ම LTTE සංවිධානය තුළ ද මියගිය පිරිස මෙරට දරුවන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහි දී ආන්දෝලනාත්මක ලෙස ප්‍රකාශ කර සිටියේ රණවිරුවන් අතින් ඝාතනය වූයේ ත්‍රස්තවාදීන් පමණක් නොවන බවයි.

එවිට මාධ්‍යවේදීන් ඒ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්ණ කර සිටියා.

මාධ්‍යවේදීන් – ඇමතිතුමා, විරුවන් අතින් ඝාතනය වුණේ ත්‍රස්තවාදීන් නේ..

රාජිත සේනාරත්න – ත්‍රස්තවාදීන් විතරද ඝාතනය වුණේ?

මාධ්‍යවේදීන් – ඒ කියන්නේ ඔබතුමා කියනවද වෙනත් අයත් ඝාතනය වුණා කියලා අපේ රණවිරුවන් අතින්?

රාජිත සේනාරත්න – පැහැදිළිවම.. යුද්ධයක කොහොමද එහෙම ඝාතනය වෙන්නෙ නැත්තෙ?

මාධ්‍යවේදීන් – ඒ කියන්නේ ඔබතුමා කියන්නේ හමුදාව අතින් සිවිල් ජනතාව ඝාතනය වුණා කියලද?

රාජිත සේනාරත්න – මම නෙවෙයි හැම මනුස්සයම දන්නවනේ.. 88 කැරැල්ලේදී ඝාතනය වුණු ඔක්කොම JVP ත්‍රස්තවාදීන්ද?

මාධ්‍යවේදීන් – ඇමතිතුමා, JVP එක වගේ නෙවෙයිනේ LTTE සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්.

රාජිත සේනාරත්න – ඇයි අරක සිංහල මේක දෙමළ නිසාද? විජේවීර මහත්තයාගේයි ප්‍රභාකරන් මහත්තයාගේයි කරපු වෙනස්කම් කියන්න මට? මරපු හැටි. කරපු අපරාධවල දෙකේ වෙනස මට කියන්න.

මාධ්‍යවේදීන් – කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී වගකීමෙන්ද ඔබතුමා කියන්නේ ශ්‍රී ලංකා හමුදාව අතින් LTTE ත්‍රස්තවාදීන්ට අමතරව… (අමාත්‍යවරයා බාධා කරයි)

රාජිත සේනාරත්න – ශ්‍රී ලංකා හමුදාවේ ඉන්න ඕනම නිලධාරියෙක් පිළිගන්නවා යුද්ධයකදි අහිංසක.. (වාඛ්‍යය අතරමග නවත්වයි) නැත්තම් මොකටෙයි යුද්ධේ..(මාධ්‍යවේදීන් බාධා කරයි)

මාධ්‍යවේදීන් – ඇමතිතුමා මෙහෙමයි..දැන් ජාත්‍යන්තර මට්ටමෙන් ලංකාවේ හමුදාවට චෝදනා එල්ල වෙන වෙලාවක ඔබතුමා ඔය වගේ ප්‍රකාශයක් කරන්නේ.. (අමාත්‍යවරයා බාධා කරයි)

රාජිත සේනාරත්න – නෑ නෑ නෑ.. ජාත්‍යන්තර මට්ටමේ තියෙන්නේ අපි උවමනාවෙන් ගිහිල්ලා මිනිස්සු උස්සගෙන ගියා කියලා. ඒක නෙවෙයි මම කියන්නේ.

මාධ්‍යවේදීන් – ඒකට සහයක් නේද ලැබෙන්නේ ඇමතිතුමා?

රාජිත සේනාරත්න – නෑ.. කිසිම සහයක් ලැබෙන්නෑ.. ජාත්‍යන්තරයට හරියට ගිහිල්ලා වචනේ කතා කරානම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. ගිහිල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මොකද්ද කිව්වෙ ටයිම්ස් එකට? කිසිම කෙනෙක් මැරිලා නෑ. ඔක්කොම ත්‍රස්තවාදීන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top