Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 10
1,940
Views
ගිහානි දැන් කතා බහට ලක්වෙන චරිතයක් වෙලා?

ඔව්. එහෙම කතා බහට ලක්වෙලා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව තිබ්බ ආර්ථික සැසිවාරයට අපි සහභාගි වුණා. අපේ පෞද්ගලික ආයතනයක් නියෝජනය කරමින් තමයි මම සහභාගි වුණේ. ඒ හරහා තමයි මේ ඔක්කොම කතා පටන් ගත්තේ.


ඔබ එතැන හිටපු අය අතරින් කැපී පෙනෙන චරිතයක් වුණා නේද?

ඔව්. මම එතැන කැපිලා පේන්න ඇති. ඒක තමයි මෙහෙම වුණේ.

ඒ අවස්ථාවට ඔබ සහභාගි වුණ විදිහ ගැන විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා?

මම රජය නියෝජනය කරමින් ඒ අවස්ථාවට ගියා කියනවා. නමුත් මම රජයක් නියෝජනය කරමින් එතැනට ගියේ නැහැ. ජනාධිපතිතුමා එක්ක ගිය කණ්ඩායමට අපි ඇතුළත් වුණා කියන එකත් වැරැදියි. ලංකාවේ මිනිසුන්ගේ බදු මුදලින් අපිව යැව්වා කියන එකත් වැරැදියි. ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව කියන පට්ටමකුත් මට නැහැ.
ආයෝජන දූතිකාව කියලා මට කියනවා. එහෙම පට්ටමකුත් මට නැහැ. අපි රජයේ මුදලින් ඒ සැසිවාරයට නොගිය බවටත් මට එවැනි තනතුරු නැති බවටත් මම ඔප්පු කරලා තියෙනවා. තවදුරටත් මට මඩ ගහනවා නම් ඒ උදවිය මට කරන චෝදනා හරි කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕන.

එතකොට ඔබ ඒ සැසිවාරයට සම්බන්ධ වුණේ රාජ්‍ය අනුග්‍රහයෙන් නෙමෙයිද?

අපි අපේ මුදල් සහ ආයෝජකයන්ගේ ආරාධනාවෙන් ඔවුන්ගේ අනුග්‍රහය මත තමයි මේ ගමන ගියේ. එහිදී ඒ ආයෝජකයන් ජනාධිපතිතුමාට මුණ ගස්වලා ආයෝජන ප්‍රවර්ධනය කිරීමයි සිදුකළේ. අපිට වගේම ලංකාවටත් ප්‍රතිලාභයක් එන කාර්යයක් තමයි අපි කළේ. අපේ මිනිසුන්ගේ නොදැනුවත්කම නිසා තමයි විවිධ දේවල් කියමින් මට මඩ ගැහුවේ. මට කළ චෝදනා වැරැදියි කියලා ඔප්පු කළාම දැන් සිද්ධ වෙන්නේ මගේ ගැහැනුකම අල්ලගෙන රටේ ජනාධිපති අල්ලගෙන මම අඳින පලඳින විදිය ගැන අල්ලගෙන පුළුවන් තරම් සමාජ ජාලා මගේ චරිතය විනාශ කරන එක.

එතකොට ඔබ නියෝජනය කළ ආයතනයට ඔබ සම්බන්ධ වෙන්නේ මොන පදනමෙන්ද?

ඒ ආයතනයේ සභාපති ධුරය දරන්නේ මගේ සැමියා. සැමියා මාව පත් කරනවා මහජන නියෝජිතවරියක් හැටියට. ඔය සමහරු කියන රජයේ තනතුරු ටික හොබවන්න මට සුදුසුකම් නොතිබ්බට අපේ ආයතනයේ මාව පත් කළ තනතුර හොබවන්න සුදුසුකම මට තියෙනවා. ඒ හරහා තමයි මම සැමියා එක්ක ඒ අවස්ථාවට සහභාගි වෙන්නේ.

ඒ සුදුසුකම් මොනවාද කියලා කියන්න ඔබ අකැමැති නැතුව ඇති?

අකැමැත්තක් නැහැ. නමුත් වැඩකුත් නෑ ඕවා කියන්න. මම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ අලෙවිකරණ අංශයේ අවුරුදු හතරක් රැකියාව කරලා තියෙනවා. ඒ සුදුසුකම යටතේ රැකියාවක් තමයි මම කරන්නේ. මට හොඳ අන්තර් පුද්ගල සබඳතාවක් තියෙනවා. මම රජයේ රැකියාවකට තීන්දු බඳින්න ඕනේ නැහැ. නමුත් මට තියෙන සුදුසුකම් එක්ක තමයි අපේ ආයතනයේ කාර්යභාරය කරන්නේ.

ගිහානි අඳින පලඳින විදිය ගැනත් විවේචන පළවෙලා තිබ්බා?

මගේ ඇඳුමෙන්නේ සමහරු මට චරිත සහතික දෙන්නේ. මම අඳින පලඳින විදියෙන් එයාලා කොහොමද මගේ හැසිරීම, ලිංගිකත්වය ගැන චරිත සහතික දෙන්නේ. බඩුව, ගණිකාව වගේම කියන්නවත් බැරි වචනවලින් මාව විවේචනය කරලා තිබ්බා. මම ගණිකාවන් ප්‍රමෝට් කරන්නේ නෑ. ගණිකාවක් වෙන්න කාටවත් ඉඩ දෙන්නෙත් නෑ. තමන්ගේ ඇඟ විකුණනවට වඩා කාන්තාවකගේ බුද්ධිමත්කම දක්‍ෂතාව විකුණලා තැනකට එන්න කියලා කාන්තාවකට අපි කියන්නේ. මගේ අතේ කිසිම වරදක් නැතුව මාව තළලා පෙළලා දාන එක කොච්චර අසාධාරණද? මුළු ලංකාවක් එකතු වෙලා නින්දිත විදිහට ගැහැනියක්ව තළලා පෙළලා දාන්න හදනවා.

ඔබට මේ පළ කිරීම් කොයි තරම් බලපෑම්කාරී වුණාද?

මේ වගේ පළ කිරීම් නිසා කොච්චර තරුණ තරුණියෝ සියදිවි හානිකර ගන්නවාද? ශක්තිමත් නැති කෙනෙක්ට මේ වගේ මඩ ගැහුවා නම් අනිවාර්යෙන්ම සියදිවි හානිකර ගනියි. හැමෝම මට කියනවා. “නිහඬ වෙන්න, ඒක හැමෝටම අමතක වෙලා යයි, ඔහොම තමයි ලංකාවේ මිනිස්සු” කියලා. නමුත් මම නිහඬ වෙන්නේ නැහැ. මේක අයුක්තියක්, අසාධාරණයක්. මේ වගේ වෙලාවට හිස නමලා ඉන්නවට වඩා හොඳයි මැරෙන එක. මම මේ දේ වෙනුවෙන් සටන් කරනවා.

ඔබේ චරිතය ඉලක්ක කරගෙන විවිධ පළ කිරීම් කරද්දී සැමියා මොන වගේ ප්‍රතිචාරයක් ද දැක්වූවේ?

මම ඒ ගමන ගියේ සැමියා එක්ක. මම ගිය තැන්, කාපු බීපු තැන්වල හිටියේ ඔහු එක්ක. ඔහුත් ඉන්න ඡායාරූප තමයි ඔහුව කපලා මාව හයිලයිට් වෙන විදිහට දැම්මේ. ජනාධිපතිතුමා වගේම ඇමැතිවරු එක්ක ගත්ත ඡායාරූපවලත් සැමියා හිටියා. එතැන තව බොහෝ ගැහැනු අය ඡායාරූප ගත්තා. ඒ ඡායාරූප නැතුව මගේ ඡායාරූපය තමයි ෆේස්බුක් එකෙන් අරගෙන මඩ ගැහුවේ. ඒ පළ කරන පෝස්ට් දකිද්දී සැමියාටයි මටයි හිනා යනවා. ඔය පෝස්ට් හදන තරුණ ළමයි යන තැන ගැන අපිට තියෙන්නේ වේදනාවක්. අසභ්‍ය පළ කිරීම් නොකර අසභ්‍ය දේවල් හිතන්නේ නැතුව අලුත් නිපැයුමක් ගැන හිතුවා නම් එයාලා තව ඉස්සරහට යයි. ඔවුන්ට කියන්න තියෙන්නේ පක්‍ෂවල අතකොළුවක් නොවී තමන්ගේ සංවර්ධනය ගැන හිතන්න කියලා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට මේ විදියට අපහාසයක් වුණා නම් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත්තද?

නීතිඥයන් එක්ක අපි කතා කළාම පේජ් සහ පෝස්ට් හදන අයව හඳුනා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවෙන් සමාජ ක්‍රියාකාරී සංගම් හෝ රජය මැදිහත් වී හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. නමුත් පෞද්ගලික ගිණුම්වලින් අපිට මඩ ප්‍රහාර එල්ල කරද්දී ඒ අය වෙනුවෙන් අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා. මොකද ඔවුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මඩ ප්‍රචාර කරන්න. ඒ නිසා තවුසන් ටෝක් දෙන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා.

ඔබ වෙනුවෙන් ජනප්‍රිය චරිත සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරලා තිබ්බා නේද?

ඔව්. නදී වාසලමුදලි වගේ බොහෝ බුද්ධිමත් ජනතාව මං වෙනුවෙන් හරිම ලස්සනට අදහස් පළ කරලා තිබ්බා. ඒ පෝස්ට්වලින් තිත්ත ඇත්ත හැමෝටම ලස්සනට පැහැදිලි කරලා තිබ්බා.

රංගන ශිල්පිනියක් වුණ ඔබට මේ ප්‍රචාර හරහා වැඩ වැඩි වුණාලු නේද?

දැන් ප්‍රධාන චරිතවලට කතා කරනවා. මියුසික් වීඩියෝවලට කතා කරනවා. ප්‍රතිලාභ වැඩියි. මම ඡන්දය ඉල්ලුවා නම් මේ පබ්ලිසිටි මිලියන පහක හයක කැම්පේන් එකකටවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.

අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණාද?

මට ඉන්දියාවෙන් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. මම ඒ සඳහා තව සති දෙකකින් විතර කල්කටා යනවා. ආන්යා කියන ටෙලි නාට්‍යයේ මම ප්‍රධාන චරිතයක් කරන්නේ. එය අධ්‍යක්‍ෂණය කරන්නේ තිළිණ බොරලැස්ස. මගේ සැමියා තමයි එය නිෂ්පාදනය කළේ. ඒක ලස්සන කතාවක්. සේපාල ඒකනායකගේ කතාදාමය මුල්කරගත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. මට එහි නිරූපණය කරන්න තිබෙන්නේ ප්‍රධාන චරිතයක්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top