Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 May 04
1,852
Views
රූපය වගේම ශරීරය නිරාවරණය වෙන විලාසිතා වැඩි වශයෙන් භාවිතා කරන නිසා ටීනා කියන චරිතය සමාජයේ වැඩිපුර කැපී පෙනෙනවා. කතාබහට ලක් වෙනවා. දක්ෂ නිරූපිකාවක් වගේන රංගනයට නවකයෙක් වුණු ටීනා ගැනයි මේ.


ටීනා කලින් කිවුවා ආදරේ විශ්වාස කරන්නේ නැහැ කියලා. තාමත් ඒ ස්ථාවරයේමද ඉන්නේ?

මෙහෙමයි, ඒකේ පැති ගොඩක් තියෙනවා. එකක්, අපි කෙනෙක් එක්ක ඉන්නකොට හිතනවා මම ඒ කෙනාව තමයි මැරි කරන්නේ කියලා. හැබැයි ඒ ආදරය නැති වෙන්න වුනහම ඒ අදහස නැති වෙනවා. කොහොමත් මම දෙයක් වෙනකල් ඒ ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එදා හිටපු ටීනා නෙවෙයිනේ අද ඉන්නේ.

මේ වෙනකොට ටීනා යම් ප්‍රමාණයකින් පරිණත වෙලානේ. දැන් මොකද හිතෙන්නේ අවුරුදු දහ අටේදී හිටපු ටීනා ගැන?

ඔව් එහෙම බැලුවොත් අවුරුදු දහ අටේ හිටපු ටීනා නෙවෙයි දැන් ඉන්නේ. ඊට හාත්පසින්ම වෙනස් වුණු එක්කෙනෙක්. මම මෙච්චර කල් ආපු ගමන එක්ක, මම වැඩ කිරීම එක්ක සහ එහෙම වැඩ කරනකොට මුණගැහුණු චරිත එක්ක, මම ආශ්‍රය කරන යාලුවෝ එක්ක මම සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. හැඩගැහිලා තියෙනවා. අවුරුදු දහ අටේදී තිබුණට වඩා දැන් ටීනාගේ කැපවීම බොහොම වැඩියි, වැඩට තියෙන උනන්දුව බොහොම වැඩියි. මම ටාගට් එකකට යන්න ඕන, මගේ අරමුණු ඉ‍ටු කරගන්න ඕන කියලා ලොකු අධිෂ්ඨානයක් දැන් ටීනාගේ තියෙනවා. අවුරුදු දහ අටේ ටීනාට හීන තිබුණට මේ වගේ දැඩි අධිෂ්ඨානයක් තිබුණෙ නැහැ කියලයි මට හිතෙන්නේ.

අවුරුදු දහ අටේ හිටපු ටීනා අතින් කාගේ හරි හිත් රිදිලා එහෙම තියෙනවද, මොකක් හරි හේතුවක් නිසා?

අපි හැමෝම කාට හරි, කොයි මොහොතක හරි රිද්දලා තියෙනවා. එහෙම නේද? ඒ වගේම තමයි අපි හැමෝම කොයි මොහොතක හරි, කවුරුන් හරි හින්දා රිදවගෙන තියෙනවා. ඒ දෙකම කාටවත් නැහැයි කියන්න බැහැ නේද? අපි හැමෝම මිනිස්සුනේ. ඒත් මට ඒ මොන මොන වගේ අවස්ථාවන් වලදීද කියලා කියන්න මතක නෑ. ඒත් අනිවාර්යයෙන්ම මම නිසා මගේ යාලුවන්ගේ හරි හිත් රිදිලා තියෙනවා. ඒ නැත්නම් අඩු තරමේ මගේ තරහකාරයන්ට හරි රිදෙන්න දෙයක් මම වචනයකින් හරි කියලා කරලා තියෙන්න ඕනනේ. ඒ වගේ රිදවීම් මගේ අතින් වෙලා තියෙන්න පුලුවන්.

දැන් ඉන්න ටීනා අවුරුදු දහ අටේ හිටපු කෙනාට වඩා පරිණතයි කියලා ටීනා කිවුවනේ. එතකොට එදා එහෙම නොකළා නම් කියලා අද හිතෙන අවස්ථා තියෙනවද? එදාට වඩා වෙනස් විදියට දේවල් කරන්න තිබුණා කියලා හිතුණු අවස්ථා තියෙනවද?

මම ඉන්න ෆීල්ඩ් එකේ ඇතුළේ නම් මගේ අතින් ඒ විදියේ දේවල් වෙලා නැහැ. ඒ වගේම එක් අවස්ථාවක් සම්බන්ධයෙන් ඇරෙන්න මම එහෙම කෙනෙක්ට රිද්දපු අවස්ථාවක් ගැන මම කලේ මහා අපරාධයක් කියලා හිතිලා නැහැ මට. හැබැයි මෑතකදී වුණු එක් සිදුවීමක් ගැන මම පසුතැවුනා, අපරාදේ මට එහෙම නොකරන්න තිබුණා කියලා. එච්චර තමයි.

ටීනාට යාලුවෝ ඉන්නේ කොහේද එතකොට?

යාලුවෝ ඉන්නවා මම වැඩකරන්න ගියහම මට මුණගැහෙන අය අතරේ. මේක් අප් ආටිස්ට්ලා උදාහරණයක්. එතකොට මගේ ෆෑන්ස්ලා ඉන්නවා. මේ තමයි මට ආදරේ කරන මිනිස්සු. මේ අය තමයි මට ගොඩක්ම වටින්නේ. ඒ මට ආදරේ කරන මිනිස්සුත් එක්ක ඉන්න සතුට මට වෙන කොහේදීවත් ලැබිලා නැහැ. කොහේදී හරි ෆෑන් කෙනෙක් කොහේ හරි තැනක මාව දැකලා දුවගෙන ඇවිත් "මම ආසයි ඔයාට, මම ඔයාව ෆලෝ කරනවා" කියනකොට මට හරි ආඩම්බරයක්, සතුටක් දැනෙනවා මගේ ගැන. ඒ වගේම මට හරි ආදරයක් දැනෙනවා මට ආදරේ කරන මිනිස්සු ගැන.

ඔයාට වයස අවුරුදු තිහක් වෙනකොට, තව අවුරුදු ගණනාවකට පස්සේ අපි තව ඉන්ටර්වීව් එකක් කළොත් මේ කිවුව අදහස් වෙනස් වෙලා තියෙයි කියලා ටීනා හිතනවද?

මේ අදහස් එහෙම ලොකුවට වෙනස් වෙයි කියලා මම හිතන්නේ නෑ. තව අවුරුදු ගාණක් ගියත් මේ ඉන්න ටීනාම තමයි එදාටත් ඉන්නේ. හැබැයි මීට වඩා මුහුකුරා ගිහින් තියේවි. ඒත් සමහර විට ඒ වෙනකොට ඉන්න තත්වයන් එක්ක, ඒ වෙනකොට මට ලැබිලා තියෙන අත්දැකීම් එක්ක සමහර අදහස් වෙනස් වෙලා තියෙන්නත් පුලුවන්. ඒ වෙනකොට අපි මුණගැහුනොත් අපි බලමු ඒ වෙනකොට මම දෙන උත්තර මොනවද කියලා!
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top