Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 18
1,436
Views
ජස්ටින් බීබර් පසුගිය දවසක රාත්‍රියේ බටහිර හොලිවුඩ් ප්‍රදේශයෙන් මෝටර් රථය පදවාගෙන යද්දී ඔහුගේ රථය තවත් රථයක ගැටුණා.‍


මෙයින් ඔහුගේ මර්සඩීස් බෙන්ස් රථයේ පසුපස කොටසට අලාභ හානි සිදුවූ බවයි හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ. අනතුර සිදුවූ හැටියට නම් වරද ඇත්තේ බීබර් අතේ නම් නොවෙයි. පිටුපසින් ධාවනය වූ රේන්ජ් රෝවර් රථයේ රියැදුරා තමයි වරද කර ඇත්තේ.

බීබර්ගේ රථයේ ඇති නවීන අංගෝපාංගයන් හේතුවෙන් අනතුර එසැණින් ම එම ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියා වෙත වාර්තා වී තිබුණා.

ඒ අනුව පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන විට බීබර් සහ අනෙක් රථයේ රියැදුරු අතර කතා බහක් ඇතිවී තිබූ බවයි පැවසෙන්නේ. ඒ මොහොතේ බීබර්, තම රථය පදවාගෙන ගොස් ඇත්තේ තනිවමයි.

ඇසින් දුටු අය ප්‍රකාශ කළේ එදින පෙරවරු කාලයේ බීබර් ඔහුගේ නිවසේ රැඳී සිටිද්දී බෑස්කින්චැම්පියන් නම්වූ නිරූපිකාව ඔහු හමුවීමට පැමිණි බවයි.

ඇය, බීබර්ගේ අලුත් පෙම්වතිය යැයි පැවසෙනවා. පැය කිහිපයක් ඇය සමඟ ගත කළ බීබර් තම මෝටර් රථයෙන් ද, බෑස්කින් ඇගේ මෝටර් රථයෙන් ද පිටවී ගොස් තිබෙනවා. බීබර් ගේ රථය අනතුරට පත්ව ඇත්තේ ඉන් පසුවයි. 2015 ,2016 වගේම 2018 මාර්තු මස 24 වැනිදාත් ඔහුගේ මෝටර් රථය අනතුරට ලක්ව තිබෙනවා. 2015 වර්ෂයේ සිදු වූ අනතුරේදී ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අනුනමයෙනුයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top