Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 10
487
Views
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක කාන්තා බොක්සිං ඉසව්වෙන් අවසන් පූර්ව තරඟයකට එක් වූ එකම බොක්සිං ක්‍රීඩිකාව බවට පත් වීමට ඊයේ අනූෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු හට අවස්ථාව ලැබුණා.


කිලෝගෑම් 45 – 48 බර පංතියෙන් ඇය අතින් පරාජයට පත් වුණේ Cayman Island හී Brandy Barnes ක්‍රීඩිකාවයි. අවසන් පූර්ව තරඟයෙදී අනූෂා දිල්රුක්ෂි සමඟ තරඟවදින්නේ කාන්තා බොක්සිං ලෝක ශූරතාව පස් වතාවක් ජයගත් ඉන්දියාවේ Mary Kom ක්‍රීඩිකාවයි. එම තරඟය අප්‍රේල් 11 එනම් හෙට දින පැවැත්වීමට නියමිතයි.

ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනූෂා කියා සිටියේ තමා හට උදවු කරපු සියළු දෙනාටත් සහ විශේෂයෙන්ම ඇගේ මවටත් ස්තූතිවන්ත වන බවයි.

මීට පෙර කාන්තා බොක්සිං ඉසව්වක් හරහා ලෝක ජයග්‍රහණයක් ලංකාවට ගෙන ඒමට හැකි වූයේ 2009 දී රුසියාවේ පැවැත් වූ Invitational Women’s Boxing Championship හී කිලෝ ගෑම් 51 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කල නිමාලි ජයසිංහ හටයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top