Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 April 09
830
Views
සතොස හිටපු සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා ලබන 12 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඒ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.


නලීන් රුවන්ජිව ප්‍රනාන්දු මහතා එහිදී ඇප ලබා දෙන්නැයි, කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් වන නියෝගය ලබන 12 නිකුත් කරන බව සඳහන් කළේ ය.

රජයට අයත් රුපියල් මිලියන 39 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නලීන් රුවන්ජිව මහතා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගවට ගත්තේ, විදේශගත වීමට උත්සහ කිරීමේදීයි.

2014 වසරේදී ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දුන් වාචික නියෝගය අනුව ලංකා සතොස ආයතනය මගින් කැරම් හා දාම් බෝඩ් 28,000 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top