Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 05
1,897
Views
ශ්‍රීදේවි පුදුම කරන්න ඩුබායි හි සාප්පු සවාරියක් යන්නත් ඉඳලා...

ශ්‍රී දේවි නාන කාමරයේ සිටියදී බොනී කපූර් රූපවාහිනිය නරඹමින් ඉඳලා..

බොලිවුඩ් සිනමාවේ ප්‍රථම සුපිරි තාරකාව වූ ශ්‍රීදේවි ඩුබායි නුවර සුපිරි හෝටලයකදී මියයාම සම්බන්ධයෙන් ඔහුගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සවිස්තර හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඔහු එම තොරතුරු පවසා  ඇත්තේ සිනමා කර්මාන්තය පිළිබඳ විචාරකයෙකු වන කෝමල් නාථා වෙතයි.

සිය පවුලේ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට ගොස් සිටියදී 54 හැවිරිදි ශ්‍රී දේවි පසුගිය පෙබරවාරි 24 වෙනිදා මියගියේ ඩුබායි නුවර ඇය නතරවී සිටි හෝටලයේ නාන කාමරයේ දියේ ගිලීමෙන්.

බොනී කපූර් හෙළිදරව් කර ඇති පරිදි ඔහුට ශ්‍රීදේවි පුදුමයට පත් කරමින් ඩුබායි හි සාප්පු සවාරියක නිරතවීමට අවශ්‍ය වී තිබෙනවා.
ඒ, ඔවුන්ගේ දියණියක වන ජාන්වි වෙනුවෙන්.

62 හැවිරිදි බොනී කපූර් පෙබරවාරි 20 වනදා ඩුබායි හි පැවති මංගල උත්සවයෙන් පසු පෙබරවාරි 22 වනදා ලක්නව් නුවර වෙත පැමිණ තිබෙනවා.

එවිට ශ්‍රීදේවි ඩුබායි හෝටලයේ නතරවී විවේකයෙන් ගතකර ඇති අතර, 24 වනදා බොනී කපූර් වෙත දුරකථන ඇමතුමක්ද ලබාදී ඇති බව සඳහන්.
එහෙත් එදින තමන් ඩුබායි වෙත පැමිණෙන බව බොනී කපූර් එහිදී ඇය වෙත පවසා නැහැ.

එදින පස්වරු 3.30ට ඩුබායි වෙත නික්මුණු බොනී කපුර් පස්වරු 6.30 ට පමණ හෝටලය වෙත පැමිණ ඇති අතර, ශ්‍රීදේවිගේ කාමරයට ඇතුලූවී ඇත්තේ එහි අමතර යතුර යොදාගනිමින්.

එහිදී මවිතයට පත් ශ්‍රීදේවි සිය සැමියා සිප වැළඳගත් බවත්, ඔවුන් පැය භාගයකට ආසන්න කාලයක් අල්ලාප සල්ලාපයේ නිරතවූ බවත් බොනී කපූර් උපුටා දක්වමින් කෝමල් නාථා සඳහන් කළා.

ඉන් පසු සාප්පු සවාරිය පසුදිනට කල් දැමීමට ඔවුන් තීරණය කර ඇති අතර, බොනී කපූර් රූපවාහිනිය නැරඹීමට සැරසී ඇත්තේ ඇය නාන කාමරය වෙත යාමෙන් අනතුරුවයි.

ඒ, එදින විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා යාමටයි.

කෙසේ නමුත් රාත්‍රි 8 පමණ වනතුරු ඇය නාන කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා බොනී කපූර් එහි දොර බලය යොදා විවෘත කොට ඇතුලූවී තිබෙනවා.

එහිදී ඔහු දැක ඇත්තේ  නාන කාමරයේ ටැංකිය තුළ නිසලව තිබූ ශ්‍රීදේවිගේ සිරුරයි.

ඇගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ජලයෙන් වැසී තිබූ බවත්, බොනී කපූර් සඳහන් කර තිබෙනවා.

ශ්‍රීදේවිගේ මරණය පිළිබඳ තමාට සැකයක් නැතත් ඇයට ආදරය කරන මිලියන සංඛ්‍යාත රසිකයන්ට තවමත් ඇගේ අහිමිවීම දරාගත නොහැකි බවට සැකයක් නොමැති බව බොනී කපූර් පැවසූ බව සඳහන්.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top