Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 03
1,402
Views
"මාව උනන්දු කරන්නෙත් එයා.."

"විවාහ වුණ අලුත නම් ආරාධනා ලැබුණා.."

ධනංජය සිරිවර්ධනගේ ආදරණීය බිරිඳ තමයි ශෂිනි කියන්නේ. මේ දවස්වල ධනංජයටත් වඩා කතා කරන්නේ ඔහුගේ ආදරණිය බිරිද ගැනයි. ඒ ඇය ගීතයක් ගායනා කරන නිසයි,මේ ඒ ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්
 
මේ දවස්වල ධනංජයට වඩා ශෂිනිට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා නේද?

දෑස මානේ ගීතයට ධනංජය කීවා හොඳ ප්‍රතිචාර ලැබෙනවත් එක්කම ගොඩක් දෙනා අහනවා මේ ගීතය රූගත කළේ ලංකාවේද කියලා. සීයට අනූ අටක්ම ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර.

මොකද හිතෙන්නේ ඔබේ පළමු ගීතයට මෙවැනි ප්‍රතිචාර ලැබෙද්දි?

මට සතුටුයි. මේ ගීතයේ හැම දෙයක්ම කළේ හොඳින් සැලසුම් කරලා. ගොඩක් මහන්සි වුණා මේ සින්දුව කරන්න.

මේ සඳහා කොහොමද අවස්ථාව ලැබෙන්නේ?

මම ධනංජය එක්ක වැඩසටහන්වලට ගිහින් සින්දු කියද්දි ඇහැව්වා ඇයි ඔයා, ඔයාගේ ගීතයක් කරන්නේ නැත්තේ කියලා. මේ ගීතය කළේ ධනංජයගේ වුවමනාවට. ඔහු තමයි මාව නිතරම උනන්දු කළේ ගායන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. උදය ශ්‍රී තමයි සංගීතය වගේම මේ ගීතය රචනා කළේ. එස්. බණ්ඩාර කැමරා අධ්‍යක්ෂණය, රංග සංස්කරණය හසිත ජයසංඛගේ. මේ වීඩියෝව අධ්‍යක්ෂණය කළේ චාමර කාලෝ. ධනා ප්‍රඩක්ෂන් වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ ධනංජය සිරිවර්ධන.

ඔබ මේ ගීතයට රංගනයෙන් වගේම නර්තනයෙනුත් දායක වෙනවා නේද?

ඔව්, වැඩිපුරම තියෙන්නේ නර්තනය. මට හොඳට රඟපාන්න බැහැ. මම නර්තනය, සංගීතය දෙකම හදාරපු කෙනෙක්. නර්තනය වැඩිදුර හැදෑරුවට මම වේදිකාවක නර්තනයේ යෙදිලා නැහැ.

ධනංජය නිසා ඔබට රංගනයට ආරාධනා නිතරම ලැබෙනවා ඇති?

විවාහ වුණ අලුත නම් ආරාධනා ලැබුණා. රංගනය පැත්තෙන් ඉස්සරහට යන්න ආසාවක් නැහැ.

ගායනයෙන් ඉස්සරහට යන්න බලා‍පොරොත්තුවක් ඇති?

ඔව්, ඒ ආසාව තියෙනවා. ඉඩ ලැබෙන වෙලාවක ගීත නිර්මාණ කරන්න කැමතියි. මම ලියලා මමම සංගීතය කරපු ගීතයක් තියෙනවා. ඒ ගීතය ඉස්සරහට කරන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. නමුත් මම ධනංජයගේ බිරිඳ කියන භූමිකාව අමතක නොකර තමයි මේ සියලුම දේවල් කරන්නේ.

ඇයගේ කතාබහෙන් අනතුරුව ධනංජයව කතාබහට එකතුකර ගත්තා.

මොකද හිතෙන්නේ මේ ලැබෙන ප්‍රතිචාර ගැන?

සින්දුවේ ටේලර් එක දැකපු වෙ‍ලේ ඉඳන් ගොඩක් අය මේ ගැන ඇහැව්වා. මේ ගීතයට හොඳ ඉල්ලුමක් තියෙනවා. සමස්ත නිෂ්පාදනයටම ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරයක්.

ඇයි මෙවැනි ගීතයක් කරන්න හිතුවේ?

මට ඕන වුණා මිනිසුන් අතරට ගෙනියන්න පුළුවන් මියුසික් වීඩියෝවක් කරන්න. එවැනි ක්‍රම කිහිපයක් හමුවුණත් ඒවා හිතට එකඟව කරන්න බැහැ. අද චෝදනා කරනවා මියුසික් වීඩියෝවලින් ලංකාවේ සම්ප්‍රදාය කෑලි කෑලිවලට කඩනවා කියලා. ඒ කැඩිලා ගිය සම්ප්‍රදාය එකතු කරලා අලුත් සම්ප්‍රදායක් හදන්න මම ඒකට යොදාගත්තේ කලාව.

බිරිඳගේ දක්ෂතා දකිද්දි මොකද හිතුණේ ධනංජයට ?

චාමර කාලෝ නම් කීවේ මට වඩා හොඳට ඇය රඟපෑවා කියලා. එයා කලාව අගය කරන ගෞරව කරන කෙනෙක්.
මට සතුටුයි සුදුසුකම් සහිත කෙනෙක්ට උදව් කරන්න ලැබිම ගැන.

ධනංජය කැමතිද ඇය කලාවෙන් ඉදිරියට යනවට ?

ඇය රංගනයට නම් එකතු වෙන එකක් නැහැ. නමුත් ඇය ගායනය පැත්තෙන් ඉදිරියට යයි. ඇයට මගෙන් තහනමක් නැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top