Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 22
1,277
Views
සුපුරුදු ලෙසම ඊයේ(21) දින පාර්ලිමේන්තු සභාවාරයද ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.මෙලෙස උණුසුම් වාද විවාද අතරතුර සිදුවුනු සිදුවීමක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැඩි ලෙස අවවාද කිරීමටද ඊයේ කතානායකවරයාට සිදුව වුනා.

මෙම සිදුවීම සිදු වුනේ ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී පී.සරවනපවන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරුන්ට අල්ලස් දීම පිළිබඳව රීති ප්‍රශ්නයක් මතු කල අවස්තාවේදී ඊට බාධා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් දිගින් දිගටම කතා කිරීමත් සමඟයි.

එහිදී සිදුවුන සිදුවීම මෙසේයි.
 

එම්.ඒ සුමන්තිරන් -  (දෙමළ ජාතික සංධානය) - රීති ප්‍රශ්න අහද්දි මෙහෙම නැගිටලා උත්තර දෙන්න බැහැ.ඒක වැරදියි. එතුමට කතාකරන්න දෙන්න.

කතානායක - ශිවශක්ති මන්ත්‍රීතුමා වාඩිවෙන්න. වාඩිවෙන්න ( මන්ත්‍රීවරයා මුලසුනට ඇහුම්කන් නොදී දිගටම කතා කරයි)

කතානායක - ඔබතුමා වාඩිවෙන්න,වාඩිවෙන්න. මූලාසනයට ඇහුම්කන් නොදුන්නොත් මේ සභාවෙන් එළියට දාන්න වෙනවා. මම ආපහු කියන්නෙ නෑ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top