Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 19
889
Views
"ත්‍රී වීල් එළවන්න පුළුවන්කමක් ඇත්තටම තිබුණේ නෑ"

"ජීවිතේ ගොඩයන්න ශක්තිය ගැනීම තමයි වැදගත් වෙන්නේ."

පුංචි තීරයේ අහිංසකම පෙම්වතුන්ගේ ලැයිස්තුවේ මුල්තැනක් ගත්ත නළුවෙක් හැටියට විශ්ව කොඩිකාරව හඳුන්වා දෙන්න පුළුවන්. පුංචි තිරයම අරක්ගත්ත මේ නළුවා මේ දිනවල හැමෝටම දකින්නේ වෙන්නේ ත්‍රීවිල් රියදුරෙක් විදියට. ඒ තමයි මේ දිනවල හිරු ටෙලි තිරයේ විකාශනය වන අහස් මාළිඟා ටෙලි නාට්‍යයේ ත්‍රීවිල් රියදුරෙකුගේ චරිතයට රංඟනයෙන් දායක වීමයි.

විශ්ව බොහොමයක් ටෙලි නාට්‍යවල දකින්න ලැබෙන්නේ ධනවත් පවුල කුමරා විදියට. නමුත් මේ වතාවේ අහස් මාළිගා ටෙලි නාට්‍යයේදී ඔහුට ලැබිලා තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් පවුලක චරිතයක්. ඉතින් විශ්වට මේ ලැබුණු චරිතය ගැනත් කලා දිවියේ අලුත්ම තොරතුරු කිහිපයක් ගැනත් ජාතික පුවත් පතකට මේ විදියට කියලා තිබුණා.

විශ්ව පුංචි තිරයේ අලුත්ම මුහුණුවරක චරිතයකින් දකින්න ඉන්නවා?

ඔව් ඔව්. ත්‍රීවිල් රියදුරෙක්ගෙ චරිතයක් කරනවා අලුතින්ම.

ඉතින් ඒ සුරාජ් ගැන කතා කරමුද?

සුරාජ් කියන්නේ හොඳට ඉගෙනගත්ත විශ්ව විද්‍යාලයට යන්න ලකුණු කිහිපයක් මදිවුණු තරුණයෙක්.ඉතින් ඔහුට රැකියාවක් හොයාගන්න බැරිව ත්‍රීවිල් රියදුරු කියන රැකියාව කරගෙන යනවා. හරි විනෝදාත්මක පවුලක් ඔහුට ඉන්නවා. කාලෙකට පස්සේ ඔහු ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා. ඒ වටා ගෙතුණු කතාව තවදුරටත් මම විස්තර කරන් නෑ. අපේ රසිකයන්ට මම ආරාධනා කරනවා අහසි මාළිගා ටෙලි නාට්‍ය නරඹන්න කියලා.

ඉතින් මේ චරිතය විශ්වට ලැබිලා තියෙන චරිතවලට වඩා ගොඩක් වෙනස් නේද?

මම හිතනවා මෙහි වෙනස්වීම් කිහිපයක් තියෙනවා කියලා. මම කලින් කරපු චරිතත් එක්ක බලද්දීත් ගොඩාක් වෙනස්. ඉතින් මම හිතනවා මේ චරිතය තුළින් උපරිම දෙයක් මම කරලා තියෙනවා.ඒ වගේම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළා කියලා.

විශ්වට ත්‍රීවිල් එළවන්න පුළුවන්ද?

ත්‍රී වීල් එළවන්න පුළුවන්කමක් ඇත්තටම තිබුණේ නෑ. නමුත් දවසක් විතර රූගත කිරීම් අතරතුර පුහුණුවීම් කළා. ඒ විදයට තමයි පුහුණුවුනේ. අතේ කරගැටත් දැම්මා අන්තිමේදී. නමුත් අතඇරියේ නෑ කොහොමහරි පුරුදු වුණා.

පෞද්ලිකවම මේ චරිතය ගැන මොකද හිතෙන්නේ?

මේ කතා කරන්නේ සමාජයේ තියෙන චරිත ගැනනේ. ඉතින් මේ සුරාජ් කියන තරුණයාට විශ්ව විද්‍යාලයට යන්න ලකුණු මදිවන නිසා නැවත ඉගෙනගන්න වියදම් කරන්න ටිකක් අමාරු නිසා ත්‍රීවිල් රියදුරු රැකියාව තෝරගන්නේ. ඒ වගේ චරිත අද අනන්ත අප්‍රමාණව දකින්න තියෙනවා. ඒත් ඔවුන්ගේ ජීවිත ඔවුන් කඩා වට්ටගන්නේ නැතුව ජීවත්වෙන මිනිස්සු අපේ රටේ ඕනැතරම් ඉන්නවා. ඉතින් තමන්ගේ අරමුණට හෝ තමන් බලාපොරොත්තු වුණ තැනට යන්න බැරිවුණා කියලා වැටෙන්න හොඳ නෑ. ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නැතිව ජීවිතේ දිනන්න උත්සහ කළොත් තමයි ජීවිතේ කොයි හෝ තැනකින් ගොඩගන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ ගොඩයන්න ශක්තිය ගැනීම තමයි වැදගත් වෙන්නේ.

විශ්වට වැඩිපුරම ලැබෙන්නේ ධනවත් පවුල්වල කුමාර චරිතනේ.ඉතින් මේ වගේ චරිතයක් ලැබෙද්දි දෙපාරක් හිතුවද?

මම සාමාන්‍යයෙන් චරිතයක් භාරගනිද්දී බලනවා අපේ රසිකයන්ට පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් චරිතයක්ද කියලා. මම කරන්නේ එහෙම චරිත විතරයි.ඉතින් මේ චරිතය කරන්නට පෙරත් චරිතයේ විස්තර ඇහුවා අධ්‍යක්ෂකතුමාගෙන්. ඔහු කියපු විදිහට මට හිතුනා මේ චරිතය හොඳයි කියලා. අපේ රසික රසිකාවියොත් ගොඩක් ආදරය කරන චරිතයක් වෙයි කියලා හිතාගෙන තමයි මේ චරිතය කරන්න සූදානම් වුණේ.

මීට පෙර පුංචි තිරයේ ඔබව නිතරමව වගේ දකින්න ලැබුණා. ඒ කාලේ වගේ ඇයි දැන් දකින්න නැත්තේ?

ඒ කාලෙ මම කරපු නාට්‍ය හිතාගන්න බැරි විදිහට එක දිගට විකාශය වුණා නාළිකාවල. ඒක මට ලොකු දෙයක්. ඒකට ගොඩක් කැමතියි. ඒත් ඉතින් ඒ දේට මම කැමති වුණාට එක පැත්තකින් අකමැතියි. මොකද එක පාර ඔක්කොම නාට්‍යය එළියට ආවාම ඒ දේ වටිනාකමක් අඩුවෙන නිසා. ඒ වගේම තවත් රංගන ශිල්පී ශිල්පිනියන් ඉන්නවා ඔවුන්ගෙ ටෙලිනාට්‍යයත් විකාශය වෙන්න ඕනැනෙ. ඉතින් දැන් විකාශය වන ක්‍රමය හොඳයි කියලා හිතෙනවා.

ඒ කාලෙදි වගේම තවමත් වැඩ ඒ විදියටම ලැබෙනවද?

ඒවායේ අඩුවක් නෑ. මම හැමොමත් එක්ක සුහදව කතා බහ කරලා ඉන්න නිසා වෙන්න ඇති මට තවමත් හොඳ චරිත සහ ටෙලි නිර්මාණ ඒ විදියටම ලැබෙන්නෙ. තවමනම් ගැටලූවක් නෑ.

විශ්ව දැන් දරුවො දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්නෙ. ඒ දෙන්නත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

බබාලා දෙන්නත් එක්ක ගෙවන ජීවිතේ ගොඩක් සුන්දරයි. රූගත කිරීම් අතරතුර නිවාඩුවක් ලැබෙන හැම මොහොතකම උත්සහ කරන්නෙ ගෙදර ගිහින් ඒගොල්ලොත් එක්ක රැඳෙන්න තමයි.




-ධනු විජේරත්න-
අහස් මාළිගා ටෙලිනාට්‍යයේ ජායාරුප ඇල්බමය මෙතනින් නරඹන්න 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top