Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 16
1,321
Views
“ජීවත්වෙලා මොකටද? කරන කියන හිතන හැම දෙයක් ම බොරු වැඩ. ජීවිතය මහා අවුලක්. මේ ජීවිතය අතහැරලා යන්න ඕනෑ. එතකොට නිදහස්. ඔව් මරණය මේ ජීවිතයට වඩා හොඳ ඇති.” නීලමණී මෙසේ නිතර නිතර සිතුවාය.

“මේ මනුෂ්‍ය ජීවිතය කොයි තරම් වටිනවාද? මේක ඉතාමත් විරළ අවස්ථාවක්. කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වාගේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. විමුක්තිය සාක්ෂාත් කර හැකි එකම අවස්ථාව යැයි නීලමණීට කිසිදා නොසිතුණාය. ඒ නිසා ඇය ගෙල වැළලාගෙන සිය දිවි නසා ගන්නට කීපවරක් ම උත්සාහ කළාය.

“මේ ගෙදර මොන දෙයින් ද අඩු? මම කොයි තරම් නීලමණීට ආදරේ ද? ඇයි? ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ?” නීලමණීගේ සැමියා සුගත් ඇය වැළඳ ගෙන හඬන්නට විය. එහෙත් ඇය බලාගත් අත බලාගෙන සිටියාය. අවසානයේ ඇය මනෝ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර පැතිය. ඒත් ඇගේ අසනීප තත්ත්වයේ කිසිදු වෙනසක් නොවීය.
“අනේ දෙයියනේ.මට මේ මොනවාද වෙලා තියෙන්නේ? ගෙදර අය මට කොයිතරම් ආදරේ ද?” එසේ සිතා ඇය බෙහෙත් බීවද යළි යළිත් ඇයට මැරෙන්නටම සිත් දුන්නාය. ඇය දෑතින් ඔළුව බදාගෙන කල්පනා කරන්නට වුවාය.

හතළිස් පස් හැවිරිදි නීලමණී උගත්ය. රූමත්ය. සුගත් ව්‍යාපාරිකයෙකි. ඔහු නීලමණී ළඟටම වී ඇය ආරක්ෂා කරන්නට විය. ප්‍රවේශම් කරන්නට විය. කිසිදු ප්‍රතිකාරයක් හරි නොගිය තැන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු ඇයව කැඳවාගෙන ගියේය. ආධ්‍යාත්මීය උපදේශකවරයා හමු වී සිය බිරියට සිදු වී ඇති තත්ත්වය පැහැදිලි කළේය.
“මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නය?” ආධ්‍යාත්මීය උපදේශකවරයා නීලමණීගෙන් විමසුවේය.

“අනේ මං දන්නෙ නෑ මහත්මයා. උස හීන්දැරි ගැහැනු කෙනෙක් මගේ ළඟට එනවා. මට එයා එක්ක යන්න අඬ ගහනවා.”
නීලමණී උත්තර දුන්නාය.

“කවදා ඉඳලා ද ඔය තත්ත්වය උදා වුණේ ? ”

“අපි මේ ගේ සල්ලි වලට අරගෙන පදිංචියට ආ දවසෙ ඉඳලා. දැනට මාස හතරක් විතර වෙනවා.” ඇය ගවේෂකවරයා ඉදිරියේ කීවාය.
“මේ තත්ත්වය නිසා. දැන් මෙයා ඉන්නේ අම්මලගෙ ගෙදර ඒත් මෙයා ජිවිතය නැති කරගන්නම උත්සාහ කරනවා මහත්තයා.”
සුගත් ද පැවසීය.

“මේ ගේ පාළුවට ගිහින් තිබුණේ. අඩු මිලකට ලැබුණු නිසා මම මේක මුදලට ගත්තා. අපි ගෙදර පදිංචියට ආපු දවසේ ඉඳලයි මේ තත්ත්වය ඇති වුණේ. ඒ ගෙදර රෑට අමුතු සද්ද බද්දත් ඇහෙනවා. සැරෙන් සැරේ මහා ගඳකුත් දැනෙනවා සුගත් තවත් පැත්තක් ගවේෂකවරයාට පෙන්වා දුන්නේය.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට නීලමණී ගැහෙන්නට වුවාය. මොහොතකින් ඇය සිහිසුන්ව වැටුණාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කොට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින රෝග පරීක්ෂා කරන විට නීලමණීගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ?”

“මම සෝමා”
භුතාත්මය පිළිතුරු දෙමින් කීවාය.
“ඇයි මේ නීලමණීට කරදර කරන්නේ?”

“මම කැමති නැහැ මේ ගෙදර අඹු සැමි දෙන්නෙක් සතුටෙන් ඉන්නවාට.”

“ඔබ මොනවා වෙලා ද මැරුණේ?”

“මම දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. මගේ මහත්තයා වෙන ගැහැනියක් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. ඒක නතර කරන්න බැරි වුණා. ඒ දුකට වේදනාවට තරහවට මම එල්ලීලා මැරුණා. දැනට අවුරුදු පහළොවක් විතර වෙනවා. ඊට පස්සේ මහත්තයා ගේ කුළියට දුන්නා. පදිංචියට ආ ගැහැනු තුන් දෙනෙක්ම මම මැරුවා. ඔළුව අවුල් කරලා එල්ලීලා මැරෙන තත්තවයකට ඒ අය පත් කළා. ඒ වගේම මම මේකිවත් මරනවා.” ප්‍රේතිය කීවාය.

“ඇයි මොන වරදක් කළාට ද මෙයා මරන්න හදන්නේ?”

“මම කැමති නැහැ සතුටෙන් සමාදානයෙන් ඉන්න පවුල් ජීවිතවලට. මම මුළු ලෝකය එක්කම තරහයි.”
“ඔබ කොහොමද කෙනෙක්ව බෙල්ලේ වැළලාගන්න පොළඹවන්නේ?”

“මම ඒ ගෙදර කෑම නරක් කරනවා. ලුණු වැඩි කරනවා. මිරිස් වැඩි කරනවා. කොයි තරම් හොඳට කෑම හැදුවත් ඒ කෑම කන්න බැරි කරවනවා. අඹු සැමියන් බහින් බස් කරවනවා. ගැනිගේ ඔළුව අවුල් කරලා මම එල්ලිලා මැරුණු කාමරයට යන්න පොළඹවා ගන්නවා. එතැනදී එල්ලිලා මැරෙන්න හිතට අදහස් දෙනවා. දැනට තුන් දෙනෙක් බිලි ගත්තා. හි ... හි... හී... මේකිවත් මරනවා.”
ප්‍රේතිය සිනාසෙමින් කීවාය.

“හපුතලේ අක්කර හතළිහක් තරම් විශාල වූ තේ වත්තක් මැද පිහිටි අක්කරයක පමණ ඉඩම් කොටසක, ඉදි කරන ලද මන්දිරයක ජීවත් වූ පවුලක දෙදරු මවක් තම ස්වාමි පුරුෂයාගේ ජීවිතයට තවත් ගැහැනියක් සම්බන්ධ වීම නිසා මුළු ලෝකය කෙරෙහිම වෛර කරමින් ජීවිතය එපා වී ගෙල වැළලාගෙන මරණයට පත් වුණා. එසේ ද්වේෂය මූලික වූ අකුසල සිතින් ඊළඟ ප්‍රතිසන්ධිය දුගතිගාමී වී අද ඇය ප්‍රේතියක් ලෙස දුක් විඳීනවා. ඇය සමාජය ගැන වෛරයකින් සිටින්නේ. ඔබත් එහෙම කෙනෙක්”
ගවේෂකවරයා ඒ බව ප්‍රේතියට පැහැදිලි කර දුන්නේය. ඉන් අනතුරුව ගවේෂකවරයා යළි ප්‍රේතිය ඇමතීය.

“ඔබත් ජීවත් වුණේ ලස්සන ගෙදරක නේද?”

“ඔව්. ඒත් මට එතැන පස්සේ අපායක් වුණා. මගේ මහත්තයා වෙනත් ගැහැනියක් එක්ක සම්බන්ධ වුණා නිසා.”
“ඒ ඔබත් පෙර ජාතියක වරදක් අකුසලයක් පාපයක් කර තියෙන නිසා. ඒ විපාකයට තමයි එහෙම වුණේ. ඔබ උගත් කෙනෙක් විදිහට හිතන්න. පුරුවේ කරුමයක් විපාකයක් කියලා. ඔබට වැටහෙනවද මම කියන දේ.”
“ම්.... ම්... ම්.... ඔව් මහත්තයා. මට වැටහුණා.”

“එහෙම නම් මෙහෙම හිතන්න. ඔබේ මහත්තයාත් පිටස්තර ගැහැනියකුත් නිසා වටිනා මිනිස් ජීවිතය නැති කර ගෙන ඔබ අද දුක්ඛිත ප්‍රේතියක් වෙලා ඉපදීලා. අහිංසක ජීවිත තුනක් නැති කර තවත් මේ පව් කරගන්න හදනවා එහෙම වුණොත් ඔය ප්‍රේත දුක තවත් අවුරුදු ගණනක් දිග් වෙනවා. ඒ මදිවාට මේ අහක ඉන්න නීලමණීත් මේකට පටලවා ගෙන. නීලමණී ඔබට කිසි වරදක් කළ කෙනෙක් නොවෙයි. තවත් පව් කරන්න එපා. ඔය දුගතියෙන් මිදෙන්න අධිෂ්ඨාන කරගන්න.”
“ඔව් මහත්තයා මට තේරෙනවා. මට මේ අගාධයෙන් මිදෙන්න මාර්ගයක් කියන්න. මට උදව් කරන්න.”

“හොඳයි මම මේ අයට තවත් සතියක් බෝධි පූජා පවත්වන්න නියම කරනවා. ඒ අය සමඟ ඔබත් බෝධි පූජාවට යන්න. එතැනදී හිත නිවා ගන්න. සැහැල්ලු කරගන්න. සතිය අන්තිමට ගෙදර සාංඝික දානයක් දෙන්න මේ අයට මම කියන්නම්. එතැනදී පින් අනුමෝදන් කරගෙන දැන් ඉන්න තත්ත්වයෙන් ඉහළට යන්න උත්සහ කරන්න.”
ගවේෂකවරයා ප්‍රේතියට කීවේය.

 
 
ඒ උපදෙස් පරිදි සුගත් නිවසේ දී සංඝික දානයක් පිරිනමා සෝමා ගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත නීලමණී සමඟ ප්‍රතිකාර සඳහා පැමිණියේය.
ඔවුන් ලවා සුදුමල් වට්ටියක් ගෙන් වූ ගවේෂකවරයා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට ඔවුන් සමඟම අනුරාධපුරයට යැවීය. ඒ වනවිට නීලමණී ප්‍රකෘති තත්ත්වයට පැමිණ සිටියාය.



(උපුටා ගැනීම පුවත්පතකින් - මතුගම මහින්ද විජේතිලක)
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top