Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 08
1,380
Views
වසර 6ක පමණ සිට ලංකාවේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ සහ නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන අයේෂා නිරෝෂනි රොඩ්රිගෝ ඉදිරියේදී සිනමාවටද පිවිසීමට සූදානමින් සිටින්නීය. ඒ පිළිබඳව හා ඉදිරි වැඩකටයුතු පිළිබඳව ඇය දැක්වුයේ මෙවැනි අදහසකි.


පසුගිය දිනවල ඔබ විදෙස් ගත වෙලා හිටියා?

ඔව්, පැරිස් නගරයට ගියා. නිරූපණ වැඩ කටයුතු කිහිපයකට. දැන් ආයෙත් සුපුරුදු පරිදි ලංකාවේ නිරූපණය කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා.

ඒත්, නිතරම වගේ ඔබ දායක වුණ කලා කටයුතුවල අපි ඔබව දුටුවා?

ඔව්, මා දායක වුණ වෙළෙඳ දැන්වීම් හරහා මාව නිතරම දකින්න පුළුවන්. මෑතකදී මම තවත් වෙළෙඳ දැන්වීම් 3කට දායක වුණා.



ළඟදී චිත්‍රපටයකටත් දායක වෙනවා නේද?

ඔව්, සේනක විජේසිංහ අයියා කරන අලුත් චිත්‍රපටයකට. තවමත් ඒක සාකච්ඡා මට්ටමින් යන්නේ. බොහෝ විට ඉතා ඉක්මනින් මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කරයි කියලා හිතනවා. මේ මම රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටයයි.

නිරූපණය හා රඟපෑම කියන්නේ දෙකක්?

ඔව්, ඒත්, මම වෙළෙඳ දැන්වීම් රාශියක රඟපාලා තියෙනවා. ඒක නිසා මට හිතෙනවා මට රඟපාන්නත් පුළුවන් කියලා.

 
ඔබ නිරූපණ ශිල්පිනියක් පමණද?

නැහැ. මම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඉදිරියේදී පැරිස් නගරයේදී පැවැත්වෙන ආසියා හා යුරෝපා විලාසිතා දැක්මකදී මගේ ඇඳුම් නිර්මාණ බොහොමයක් ප්‍රදර්ශනය කරනවා.

ක්ෂේත්‍රයට ඇවිල්ලා ඔබ කොපමණ කල්ද?

දැන් වසර හයක් විතර වෙනවා. 2012 වසරේදී තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. මේ වසර හයක කාලය තුළ මම වැඩිපුර දායකත්වය දීලා තියෙන්නේ රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට.



මේ ගෙවපු කාලය දෙස ආපසු හැරිලා බැලුවොත්?

ගොඩක් සතුටු වෙනවා. නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් මම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අද වෙන කොට යම් පිරිසක් මාව දන්නවා. මම හිතන්නේ නිරූපණයට සම්බන්ධ වීම මගේ හොඳ තෝරාගැනීමක් කියලයි.

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
 
දැන්නම් ගොඩක් අය නිරූපණයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන අයගෙන් ගොඩක් දෙනෙක් නිරූපණය ගැන ලොකු වැටහීමක් අධ්‍යාපනයක් නැති අය. එනවා යනවා. ඔවුන්ට ක්ෂේත්‍රය තුළ රැඳීමක් නැහැ කියලයි මම හිතන්නේ.

ඉදිරි ඉලක්ක?

මගේ නමට හානියක් නොවන විදිහට නිරූපණ කටයුතු සිදු කරමින් නිරූපණ ක්ෂේත්‍රය තුළින් තව තවත් ඉදිරියට යන්න.



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top