Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 08
508
Views
ඇමරිකානු ව්‍යවසායක ඊලොන් මස්ක් විසින් සිය නවතම රොකට් යානය, ෆැල්කන් හෙවි (Falcon Heavy) සාර්ථකව අභ්‍යවකශගත කරනු ලැබීය.
ෆැල්කන් හෙවි රොකට් යානය දියත් කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.



මෙතෙක් නිර්මාණය කරන ලද ප්‍රබලතම රොකට් යානය වන ෆැල්කන් හෙවි, කිසිඳු උපද්‍රවයකින් තොරව වේදිකාව මතින් නික්මව අත්ලාන්තික් සාගරයට ඉහළින් පිහිටි ගුවන් තලය වෙත ළඟා විය.අලුතින් රොකට් යානයක් නිර්මාණය කර ගුවන්ගත කිරීමේ අභියෝගය සාර්ථක වීමේ හැකියාව 50- 50 බව ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ විධායක අධ්‍යක්ෂ ඊලොන් මස්ක් පැවසීය. 
 
"වේදිකාව මත යෝධ පිපිරීමක් සිදුවන දර්ශන මා තුළ තිබුණා, නමුත් වාසනාවකට එසේ සිදු වූයේ නැහැ" යනුවෙන් රොකට් යානය ගුවන් ගත කරනු ලැබීමෙන් අනතුරුව ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.ටොන් හැට අටක් (පහළ පෘථිවි කක්ෂයේදී ) බර රැගෙන යා හැකි පරිදි ෆැල්කන් හෙවි රොකට් යානය නිර්මාණය කර ඇත. එම බර ලන්ඩනයේ දැකිය හැකි තට්ටු දෙකේ බස් රථ පහකට සමානය.
 
ෆැල්කන් හෙවි යානය තුළ ඊලොන් මස්ක්ට අයත් ටෙස්ලා (Tesla) ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක් ද වේ.



අභ්‍යවකාශගාමීන් භාවිත කරනු ලබන ඇඳුමක් ඇඟලු මිනිස් ආකෘතියක් එහි රියදුරු අසුනේ හිඳුවා ඇති අතර එහි ඇති රේඩියෝ යන්ත්‍රය හරහා ඩේවිඩ් බෝවිගේ ගීතයක් වාදනය වීමට සලස්වා ඇත.

වසර හතකින් අඟහරු වෙත යමුද?

ටෙස්ලා මෝටර් රථය සහ මිනිස් රුව හිරු වටා ඉලිප්සාකාර කක්ෂයකට මුදා හැර ඇති අතර එම කක්ෂය අඟහරු ආසන්නය දක්වා දිව යයි.ෆැල්කන් හෙවි රොකට් යානය අභ්‍යවකාශය වෙත ගෙන යාම සඳහා ෆැල්කන් 9 වර්ගයේ බූස්ටර් 3 ක් යොදා ගැනිණි.

සාමාන්‍යයෙන් සෑම අජටාකාශ මෙහෙයුමක් අවසානයේදීම අභ්‍යවකාශ යානා මුහුදට වැටීමට සලස්වනු ලබන අතර එසේ නොකොට එම යානා නැවත ප්‍රයෝජනයට ගැනීම 'ස්පේස් එක්ස්' සමාගමේ අරමුණය.ඒ අනුව ෆැල්කන් හෙවි අභ්‍යවකාශය වෙත රැගෙන යාමට යොදා ගත් ෆැල්කන් 9 වර්ගයේ බූස්ටර් 3 නැවත පෘථිවිය වෙත ගොඩ බැස්සවීම එම සමාගමේ අරමුණ විය.



ඒ අනුව ෆැල්කන් 9 බූස්ටර් දෙකක් ෆ්ලොරිඩා වෙරළ තීරයේ වූ ගොඩබැස්සවීමේ කලාප වෙත ළඟා වූ අතර ඒවායේ ගොඩබෑමේ පාද එකම වේලාවකදී පෘථිවි තලය ස්පර්ශ කරනු ලැබිණි.
සෙසු බූස්ටරය කිලෝමීටර 100 ක් දුරින් සයුරේ පිහිටි දුරසිට පාලනය කළ හැකි යාත්‍රා අංගනයකට ගොඩ බෑමට නියමිතව තිබු නමුත් එම උත්සාහය සාර්ථක නොවීය.
ඒ වනවිට, ෆැල්කන් හෙවි යානයේ ඉහළ අදියර, ටෙස්ලා භාණ්ඩ තොගය ද සමග ගමන් පථයකට පිවිසෙමින් තිබුනේ අඟහරු දෙසට රැගෙන යනු ඇතැයි යන අපේක්ෂාවෙනි.
ෆැල්කන් හෙවි අභ්‍යවකාශගත කිරීම එම ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් ලෙස සැලකේ.






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top