Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 07
1,132
Views
පාපන්දු ක්‍රීඩාංගන දෙකක් තරම් වන ප්‍රදේශයක 1200 ක පමණ ජනගහනයක් සිටිනවා යැයි කීවොත් ඔබ පුදුමයට පත්වනු ඇත.නමුත් කුඩා කැරිබියන් දුපත නිසැකවම ලොව අධිජනගහය වූ කුඩාම බිම්කොටසට හිමිකම් කියනු ඇත . සැන්ටා කෲස් ඩෙල්හි නිවාස 97 කට අයත් පවුල් 18 ක් ජීවත් වන අතර එම මුළු පිරිස 1,200 ක් පමණ වේ.

කොලොම්බියාවෙන් පිටත පිහිටි මෙම දුපත තුල පාසලක්,අවන්හලකුත් මෙන්ම වරායක් ද පිහිටන අතර මේ සම්පත් ප්‍රමාණය ඔවුන්ගේ එදිනෙදා පරිභෝජනය සදහා ප්‍රයෝජනවත් නොවන බැවින් ස්වදේශිකයන්ගෙන් බොහෝ පිරිසක් අසල දුපත් වලට රැකියාවන්ට සහ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සදහා යයි .
පහත රූප වලින් ඔබට ඒ බව ඔබට හොදින්ම සනාථවනු නොඅනුමානයි .



සැන්ටා කෲස් ඩෙල් හි තම දිවිගෙවන බොහෝදෙනා තම එදිනෙදා විදුලි අවශ්‍යතාවය සපුරාගැනීම සදහා සුර්යකෝෂ භාවිතාකරයි .


සැන්ටා කෲස් ඩෙල් හි වෙසෙන ජනගහනයෙන් හරි අඩකට වඩා එනම් 65%ක් පමණම තරුණ පිරිස වේ .


සැන්ටා කෲස් ඩෙල් හි වෙසන කුඩා දරුවන් ඉතාමත් නිදහස් ජිවිතයක් ගෙවන අතර ඔවුන් මුහුදේ සෙල්ලම් කරමින් සහ පිහිනමින් කාලය ගතකරයි .


මෙම දුපත කොලොම්බියාවට එපිටින් ඇති මොරොස්කිලෝ බොක්ක ආසන්නයේ පිහිටා ඇත .


ඉතාමත්ම අපිරිසිදු තත්වයේ පිහිටි මෙම දුපත පුරාම පිරිසිදු පානීය ජලය හිගකම පිලිබදව සහ අවිධිමත් කසල බැහැර කිරීමේ ගැටළු පවතී .


මෙම ප්‍රදේශය තුල දුගී ජනතාව වැඩිවශයෙන් වාසය කලද ප්‍රචණ්ඩකාරී තත්වයන්ද සන්නද්ධ ගැටුම්ද වාර්තා වී නොමැත .

තරුණ පිරිස බොහෝ විට රැප් සංගීතයට ප්‍රියකරන අතර විනෝදකාමී ජීවිතයක් ගතකිරීමට යොමුවී ඇත .


සතියකට දින දෙකක් පමණ මෙම පිරිස පරික්ෂා කිරීමට වෛද්‍යවරයෙකු පැමිණෙයි .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top