Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 07
843
Views
මිනිස් වාසයක් නොමැතිකම හේතුවෙන් කාන්තාරයක් මෙන් පාළුවට ගිය දුපතක ගවේෂණය සදහා ගිය පුද්ගලයෙකු විසින් ප්ලාස්ටික් බෑගයක් භාවිතාකර ගින්දර දල්වගැනීම පිලිබදව දැක්වෙන වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් වී ඇත .



36 හැවිරිදි 'Alvarez Cruzzo' නම් මෙම පුද්ගලයා ආර්ථික විද්‍යාඥයෙක් වන අතර මොහු විසින් මිනිසුන් මින් පෙර නොදන්නා වෙරළ තීරයන්,ගිලුණු වෙළද නැව් , මුහුදු පතුලේ විශ්මිත පිහිටීම් වැනි දේ සොයාගැනීමට රුචිකත්වයක් දක්වන පුද්ගලයෙකි. 




මොහු මෙම සොයාගැනීම් කරන අතරතුර ලොව පුරා විවිධ වූ වනාන්තරවල , දුපත්වල ජීවත්වී ඇති අතර එම කාලයේ බොහෝ සොයාගැනීම් තමාවිසින්ම අත්හදබලා ඇති අතර මේවා ' ස්වාභාවධර්මයම තමාට උගන්වන ලද පාඩම් ' බව ඔහු පවසා ඇත .



ප්ලාස්ටික් බෑගයක් හා ජලය භාවිතාකර ගින්නක් නිපදවිය හැකි ආකාරය දක්වන මෙම පුදුමසහගත වීඩියෝව ෆේස්බුක් තුලින් ඔහු සමාජගතකර ඇත.මොහු විසින් මේ සදහා යොදාගත් ප්ලාස්ටික් බෑගය ජලයෙන් පුරවා උත්තල කාචයක් ලෙසට භාවිතාකර පොල්ලෙලි දවාලීමට සමත්වී ඇත.



"මම මෙච්චර කාලයක් කැලේ ඉන්නකොට පාවිච්චි කලේ මෙම ක්‍රමය තමයි " යැයිද සහ " ගින්නක් ඇති කිරීමට ප්ලාස්ටික් බෑගයක් භාවිතා කළ හැකි යැයි කීම පුද්ගලයන්ව සැබවින්ම පුදුමයට පත්කරවනවා " ලෙසටද පවසා ඇත. මොහු විසින් මෙම ප්ලාස්ටික් බැගය පවා සොයාගෙන ඇත්තේද මුහුදුවෙරලෙන්මයි .



මෙම අත්හදාබැලීම ගවේෂකයන්ට නම් මහත් වූ අස්වැසිල්ලක්වනු නියතයි .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top