Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 06
1,067
Views
ලොව වඩාත්ම මනස්කාන්ත දුම්රිය මාර්ග වලින් එකක් ලෙසට ඇල්ල සිට මහනුවර දක්වා දිවෙන දුම්රිය ධාවන පථය හැදින්විය හැකි අතර එය ශ්‍රී ලංකාවට විදේශික ආකර්ෂණය වැඩිවශයෙන්ම ලබාදෙන දුම්රිය මාර්ගය ලෙසටද මෙය හදුන්වාදිය හැකිය.


තේ වගාවන් හරහා දිවෙන මෙම මාර්ගය දෙපසින් දිස්වෙන නිමක් නොපෙනෙන කදු වළලු ද මග දෙපස සිටිමින් ධාවනය වන දුම්රිය වෙතට අත් වනමින් කෑගසන කුඩා දරුවන්ගෙන් සැදුම්ලත් මෙම පරිසරය දෙස්විදෙස් කාගේත් සිත් මවිතයට පත්කිරීම විතර්කයකි .නමුත් මෙම දුම්රිය සේවාව විදේශිකයන්ගේම පමණක් නොව තම රාජකාරි අවසන්කර නිවාස වෙතට පිටත්ව යන දේශීය ජනතාවගේද පොදු ප්‍රවාහන සේවය ද වේ.




මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය ඉතාමත් ජනප්‍රිය මාර්ගයකි. සම්පූර්ණ චාරිකාව පැය 6-7 ක් පමණ ගත වන අතර එය 100% කම වටිනකමකින්ම යුක්තවන චාරිකාවකි . ඔබ උදැසනම ගමන් ආරම්භකරන දුම්රියේම ගමන්කළ හැකි නම මෙම ගමන තවතවත් රසවත්වනු නොඅනුමානයි. විදේශිකයන්ට මහනුවර සිට ඇල්ල දක්වා දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල ඩොලර් 2.50 ත් 4.00 ත් අතර මිලක පවතී. එක් එක් දුම්රිය ස්ථානයේදී දුම්රිය මැදිරි වෙතට පැමිණෙන බීම, නැවුම් පළතුරු, ලුණු සහ කුළුබඩු රටකජු වැනි දේ විකුණන වෙළදුන් නම් සුලභ දසුනකි.



මෙම දුම්රිය සේවයේ විවිධ වූ පන්තිවලට බෙදනලද දුම්රිය මැදිරි දක්නට ඇත. ඒවා නම් 

පළමු පංතිය : පළමුවන පංතිය වායු සමීකරණයකින් සමන්විත වේ. එහෙත්, එම වායුසමීකරණ හේතුවෙන් මෙහි විවෘතව ඇති කවුළුවක් හෝ දොරක් නම් දැකගත නොහැක .

දෙවන පංතිය : වායු සමීකරණයක් නැති නමුත් පංකා ඈත . ඔබට විවෘත කළ හැකි කවුළු සහ ඔබට වාඩි වී සිටිය හැකි දොරවල් ඇත . මහනුවර සිට නුවරඑළිය අතර ආසන වෙන්        කරගන්නා බොහෝ දෙනා වැඩි කාලයක් ගතකරන්නේ විවෘත දොරටුවෙන් එපිට බලා සිටිමින් අවට සුවය විද ගැනීමටය .



සකසුරුවම් පන්තිය : මිනිසුන් පමණක් නොව එළවළු , පාර්සල් වැනි භාණ්ඩ ද තුන්වන පංතියෙන් ප්‍රවාහනය කරන අතරම මෙය සැබෑම සංචාරක අත්දැකීමක් ලබාදීමට සමත්ය .
මෙම පන්ති තෝරාගැනීම ඔබගේ පරමාර්ථය සහ ආර්ථික තත්වය මත රදාපවතින අතර ඔබගේ දුම්රිය ප්‍රවේශපත්‍ර සෑමවිටම දුම්රිය ස්ථානයේදීම මිලදී ගැනීමට වඩා කල්තියා වෙන්කරගැනීමට උත්සහකරන්න .විශේෂයෙන්ම සති අන්තවලදී දුම්රිය ස්ථාන පිරී ඉතිරී යන බැවින් අවසානයේ ඔබට "ආසන සීමිත බැවින් සියල්ල අවසන් " යැයි නිසැකවම දුම්රිය ප්‍රවේශපත් කවුළු තුලින් පවසනු ඇත .
දුම්රියේ දොරවල් වල එල්ලී ගමන් කරමින් සහ අවට පරිසරය වඩාත්ම හොදින් විදගැනීමට නම් ඔබ නිතරම තුන්වන හෝ දෙවන පන්තියේ ටිකට් පත් මිලදී ගැනීමට උත්සාහ කල යුතුය . නමුත් මෙම පා පුවරුවේ එල්ලී ගමන් කිරීම නම් කිසිසේත්ම අනුමතකල නොහැකි ක්‍රියාවක් වන අතර එය දුම්රිය ආඥා පණත් වලට අනුව ද නීතිවිරෝධී ක්‍රියාවකි .



මෙම ගමන් මාර්ගයේ සංචාරය කරන ඔබ නැරඹිය යුතුම ප්‍රධාන ස්ථානයන් ලෙසට පේරාදෙණිය උද්භිත උද්‍යානයත් , ඇල්ලේ පිහිටි මීටර් 30 ක් උස 'නෝක් ආක් ' පාලම හරහාත් ගමන් කල හැකි අතර තවද ඔබට නුවරඑළියේ පිහිටි මනරම් තේ වතු සහ තේ කර්මාන්ත ශාලාවන් ඔබට නැරඹිය හැකියි . 




මෙලෙසින් සංචාරය කිරීමට කැමති ඔබටත් ලොව සුන්දරම දුම්රිය ගමන් මගක අසිරිය විදගත හැක .






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top