Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 05
1,087
Views
කාලෙන් කාලෙට එක එක ෆැශන් ට්‍රෙන්ඩ්ස්, මේකප් ට්‍රෙන්ඩ්ස් කරළියට එනව. දැන් දැන් අන්තර්ජාල පහසුකම් එක්ක මේ අළුත් අළුත් ට්‍රෙන්ඩ්ස් කල් පනින් නැතුවම අපේ රටටත් සේන්දු වෙනව. හැබැයි ඉතින් කොහොම මොන ට්‍රෙන්ඩ්ස් ආවත් හොලිවුඩ් වලට වඩා බොලිවුඩ් ට්‍රෙන්ඩ්ස් තමා අපේ රටේ අයට වැඩියෙන් ගැලපෙන්නෙ සහ අපේ කට්ටිය වැඩියෙන් කැමතිත්. වෙඩින් එහෙකට එහෙම ගියාම මේ ලංකාවද ඉන්දියාවද කියල හිතාගන්න බැරි වෙන වෙලාවලුත් නැත්තෙම නෑනෙ. මේ කියන්නෙ අළුත්ම බොලිවුඩ් ෆැශන් ඇන්ඩ් මේකප් ට්‍රෙන්ඩ්ස් ගැන.


Unusual Colour Combinations



පාට ගලපල අඳින එකනෙ මෙච්චර කල් කලේ. දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක එකකට එකක් කැපී පෙනන කලර් කම්බිනේශන් අඳින එක.

Graphic T shirts with Denim




අනූ ගණන් වල වගේ ග්‍රැෆික් ටීශර්ට්ස් ට්‍රෙන්ඩ් උනා. ඊටත් පස්සෙ කාලයක් ට්‍රෙන්ඩ් එක උනේ ප්ලේන් ටීශර්ට්ස් අඳින එක. තනි පාට ටීශර්ට් එකයි ඩෙනිම් එකයි ක්ලාසි ලුක් එකක් ගෙනාවට දැන් අලුත් ට්‍රෙන්ඩ් එක ෆන්කි ලුක් එක. මේ නිසා තමා ග්‍රැෆික් ටී ශර්ට්ස් ආයෙමත් ට්‍රෙන්ඩ් වෙන්නෙ. එක එක මීම්ස්, කාටූන්ස්, කෝට්ස් වගේ දේවල් ප්‍රින්ට් කරපු ටී ශර්ට්ස් එක්ක ඩෙනිමක්, ශෝර්ට් ස්කර්ට් එකක් අඳින එක තමා අළුත්ම ෆන්කි ලුක් එක.


Off Shoulder tops and Dresses




මේ ඕෆ් ශෝල්ඩර් ෆැශන් ට්‍රෙන්ඩ් එකත් කාලෙන් කාලෙට ඇවිත් ඇවිත් යන ට්‍රෙන්ඩ් එකක්. 1800 ගණන් වල උපත ලබපු මේ ඕෆ් ශෝල්ඩර් ෆැශන් එක ආයෙමත් කරලියට ආවෙ හැට ගණන් වලදි. ඇවිත් ඇවිත් යන ෆැශන් වලින් ඉහලින්ම තියෙන නිසා අල්මාරියෙන් අහකට දාන්න ඕනෙම නෑ.
  
Velvet



වෙල්වට් රෙද්දෙන් මහපු ඇඳුම් කියන්නෙත් අනූ ගණන් වල මුල් කාලෙ ට්‍රෙන්ඩ් උන ෆැශන් එකක්. ඔන්න දැන් වෙල්වට් ආයෙමත් කල එළි බැහැල. වෙල්වට් ටොප්ස්, වෙල්වට් ස්කර්ට්ස් විතරක් නෙවෙයි සාරි ජැකට් එකට වගේම සාරියටත් වෙල්වට් රෙදි ගන්න එක තමා අළුත්ම ෆැශන් එක.



තරුණියන්ට මේකප් ට්‍රෙන්ඩ්ස්


Blue Smokey Eye Makeup



ස්මෝකි අයි මේකප් එක අවුරුදු දෙක තුනක ඉඳන් තාම ට්‍රෙන්ඩ් වෙනවනෙ. මේ ඒකෙම අළුත් වර්ශන් එක. බ්ලූ ස්මෝකි අයි මේකප් එක. රෑ සාදයකට කැපී පෙනෙන පෙනුමක් එකතු කරන්න මේ මේකප් ස්ටයිල් එක සමත්.
 
Shimmering Eyes with Bold Lips




ඇස් වලට දිලිසෙන ස්වභාවයක් එන ශිමරින් මේකප් එකක් එක්ක ලිප්ස් කැපී පෙනන තරම් තද සහ මතු වී පෙනන පාටකින් හැඩ කිරීම තමා මේ මේකප් ස්ටයිල් එක. මේක රාත්‍රී සාදයකට වගේම ශාලාවක් තුල තියෙන උදෑසන හෝ දහවල් උත්සවේකටත් ගැලපෙනව.

 
Half Lined Eyes



අයි ලයිනර් එක සම්පූර්ණ ඇස වටාම ගාන්නෙ නැතුව යටි පිල්ලමෙන් කොටසකට පමණක් අයි ලයින් කිරීම හෝ එක කොටසක් තද පාටකිනුත් අනිත් කොටස ලා වර්ණයකිනුත් අයි ලයිනර් කිරීම තමයි මේ මේකප් ක්‍රමය. ඇස් වලට වැඩි අවධානයක් මේකප් කරන කොට කොහොමත් යොමු වෙනව. මේ ස්ටයිල් එක ඒ අවධානය තවත් වැඩි කරන බවකුයි බැලු බැල්මට හිතෙන්නෙ.
 
Arabic Eyes



ඇස් කෙලවර උඩින් සහ යටින් දිගු වන්නට අඳින අයි ලයිනර් එක සෑහෙන කාලෙක ඉඳන් තිබුණ මේකප් ස්ටයිල් එකක්. මේ ස්ටයිල් එක තාමත් ට්‍රෙන්ඩ් වෙනව. හැබැයි ඉස්සර තිබුණට වඩා වැඩි පෙනුමක් ඒ කියන්නෙ බෝල්ඩ් ලුක් එකක් එන විදියට තමයි මේ අයි ලයිනර් එක අඳින්නෙ.

ඉතිං දැන් ඔයාලටත් පුළුවන් මේ ටිප්ස් අත්හදා බලලා ලේසියෙන්ම තමන්ට ගැලපෙන style එක හොයාගන්න .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top