Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 05
1,000
Views
වර්තමානයේ ප්‍රේක්ෂක හදවත් බොහොම ආදරයෙන් වැළඳගනිපු කෙනෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. පහුගිය කාලය පුරාවටම ඔහු රංගනයෙන් දායක වුනු සිනමා නිර්මාණ වලට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුනා. විශේෂයෙන්ම ඔහු රඟපෑ චරිත එකිනෙකට වෙනස් සහ සුවිශේෂී වීම නිසා ඔහු ඕනෑම අභියෝගයක් භාරගන්නා රංගන ශිල්පියෙකු ලෙස ජනතාව වැළඳ ගත්තා.

මොනවද අලුත් තොරතුරු?

මේ දවස්වල නම් ටිකක් විතර කාර්යබහුලවයි ජීවිතේ ගවෛන්නේ මගේ පෞද්ගලික ජීවිතේ කටයුත්තක් වෙනුවෙන්. මේ තමයි විවාහයට කාලය කියලා හිතුණා. ඉතින් දැන් අපි අපේ විවාහයට සූදානම් වෙනවා.

ජාත්‍යන්තරය නියෝජනය කරන්න හැකියාව ලැබුණු සෝමරත්න දිසානායකයන්ගේ චිත්‍රපටය ගැනත් කතා කරමු?

ඔව්, ඒ අවස්ථාව හරිම වැදගත්. සෝමරත්න දිසානායකයන් විසින් කරපු අන්ඩර් පෑන්ට්ස් තීෆ් කියන සිනමාපටය මේ වනවිට ජාත්‍යන්තර වේදිකාවේ කතාබහට ලක්වෙන සිනමාපටයක් බවට පත්වෙලා. මෙහි කතාව ගෙතිලා තියෙන්නේ මානසික රෝගියෙක් වටා.
ඉතින් මේ වනවිට දිල්ලියේ පැවති ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී ඊට සම්මානයක් පවා හිමිවුණා. ඇත්තටම ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක්. මොකද අපි මෙහිදී මානසික විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය උපදෙස් පවා ලබාගත්තා මෙහි සාර්ථකත්වයට.

එහි ඔබේ චරිතය ගැන කතා කළොත්?

මම එහි රංගනයේ යෙදෙන්නේ මානසික දුර්වලතාවක් සහිත සංගීතඥයකුගේ චරිතයක්. එහිදී චරිතේ ගොඩනගා ගන්න මට අවශ්‍ය උපදෙස් වෛද්‍යවරුන්ගෙන් ලැබුණා. මාත් මේ චරිතයට ගොඩක් මහන්සි වුණා. මොකද මේ වෙනුවෙන්ම මට ගිටාර් ක්ලාස් යන්නත් වුණා. ඉතින් කැපවීමෙන් කරපු චරිතයක්. මාත් එක්ක දිල්හානි ඒකනායක මෙහි රංගනයේ යෙදෙනවා. ගොඩක් සතුටුයි මේ වගේ වෙනස් චරිතයක් කරන්න අවස්ථාවක් ලැබිම පිළිබඳව.

ඒ වගේ චරිතයකට ඔබේ රංගනය ලබාදීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මොකද නිර්මාණකරුවකුගේ කාර්යය විය යුත්තේ එකම චරිතයකට එකම රටාවකට ගොඩනැගෙන්නේ නැතුව, විවිධ චරිත විවිධ ඉසව් හරහා තම රංගන පරාසය වැඩිදියුණු කරගැනීමයි. එතැනදි මම හිතනවා මට ලැබුණු මේ අවස්ථාව ගොඩක් වැදගත් කියලා. එමගින් සමාජයටත් යම්කිස් පණිවිඩයක් සැපයෙනවා. ඒක තමයි නිර්මාණයකින් අවසානයට සිදුවිය යුතුම දේ.

ජාත්‍යන්තර ඇගැයීම් ලබන්න තරම් සමත් වුණු මෙහි පිරිස ගැනත් කතා කරමු?

නම් වශයෙන්ම නොකීවත් මම, දිල්හානි ඒකනායක ඇතුළු දක්ෂ, ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයක ඉන්න පිරිසක් එක්කයි අපි මේ නිර්මාණය කළේ. එහිදී රේණුකා බාලසූරිය මහත්මිය ඇතුළු නිෂ්පාදක කණ්ඩායම ගැනත් කතා කළ යුතුමයි. ඒ වගේම අපේ කාර්මික ශිල්පීන්ගෙනුත් මනා සහයෝගයක් ලැබුණා මෙහි සාර්ථකත්වයට. විශේෂයෙන්ම සෝමරත්න දිසානායකයන් මේ නිර්මාණය පුරාවටම සොඳුරු ආඥාදායකයෙක් ලෙස නිර්මාණයට සංවේදීව ඒ ගත් වෙහෙස සහ කැපවීම තමයි මෙහි සාර්ථකත්වය හැටියට මම දකින්නේ.

මේ චරිතෙ ඔබට අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?

ඇත්තටම මේක වාණිජ පරමාර්ථය ඉක්මවා ගිය කලාත්මක නිර්මාණයක්. එහෙම කලාත්මකත්වයට ප්‍රමුඛත්වය ලබාදෙමින් කරන නිර්මාණයකදී අභියෝග අපි අනිවාර්යයෙන්ම භාරගත යුතුයි. මොකද ඒක අපේ වගකීමක්. ඉතින් චරිතය පිළිබඳව මනා පුහුණුවක්, අධ්‍යයනයකින් අනතුරුව පෙර සූදානමක් ඇතුව මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා.

ලංකාවේ කවදා වගේ මෙය ප්‍රදර්ශනය වේවිද?

ඉක්මනින්ම අපේ ප්‍රේක්ෂකයන්ට මේ සිනමා අත්දැකීම ලබන්න, විඳින්න අවස්ථාව සැලසෙයි කියලා බලා‍පොරොත්තු වෙනවා.



‘එක දවසක් අපි’ චිත්‍රපටය ගැනත් කියන්න යමක් ඇති නේද?

ඔව්, ‘එක දවසක් අපි’ චිත්‍රපටය වැලන්ටයින් දවසට අපේ ප්‍රේක්ෂකයන්ට රස විඳින්න පුළුවන් තවත් ලස්සන නිර්මාණයක්. මම සමග නයනතාරා වික්‍රමාරච්චි තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. ඉතින් ඒකත් තවත් අලුත්ම අත්දැකීමක් වේවි කියලා බලා‍පොරොත්තු වෙනවා අපේ රසික ප්‍රජාවට. මෙහි අධ්‍යක්ෂණය අනුරුද්ධ ජයසිංහ. විධායක නිෂ්පාදනය ආචාර්ය අරෝෂ් ප්‍රනාන්දුගේ.

මේ ලංකාවේ පළමු මොබයිල් ෆිල්ම් එක නේද?

තාක්ෂණය එන්න එන්නම දියුණු වෙනවා. කොටින්ම කීවොත් තාක්ෂණ දියුණුවත් එක්කයි ලෝකය ඉස්සරහට යන්නෙත්. ඉතින් එතැනදි තාක්ෂණය කියන්නේ තවදුරටත් සිනමාවට අර්බුදයක් ‍නෙවෙයි කියන කාරණය ඔප්පු කරලාම පෙන්වපු අවස්ථාවක් හැටියට ‘එක දවසක් අපි’ පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේ පළමු මොබයිල් ෆිල්ම් එක හැටියට නිර්මාණය වෙනකොට අපිට අපේ සිනමාවේ ඉදිරිය ගැන අර්බුදකාරී තත්ත්වයකට එහා ගිය තවත් හොඳ අවස්ථාවක් හැටියට මේ ගැන කතා කිරීමේ අවකාශයක් නිර්මාණය වේවි.

ඊට අමතරව මොනවද අලුත් වැඩ කටයුතු?

ඊට අමතරව අපි දන්න ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතයේ අපි නොදන්න ජීවිත පැතිකඩක් පිළිබඳව කියැවෙන ‘ගිරිවැසි පුර’ සිනමා සිත්තමට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ගිරිවැසි පුර කියන්නේ යතාරූපී පර්යේෂණාත්මක වියමනක්.
රාජසිංහ චරිතය ගැඹුරින් අධ්‍යයනය කරලා කෝටි 10කට ආසන්න විශාල මුදලක් වැය කරලා කරපු දැවැන්ත නිර්මාණයක්. ඒ වගේම ‘මා’ නමින් තවත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. එහි චරිත තුනක් මම රඟදක්වනවා. නුදුරේදීම මෙම නිර්මාණයන් එකිනෙක තිරගත වේවි.

වේදිකාවට දක්වන දායකත්වය ගැනත් කතා කරමු?

සිනමාවට, ටෙලි නාට්‍යයට වගේම වේදිකාවටත් සම්බන්ධ රංගන ශිල්පියෙක් මම. මේ දවස්වල ජයසිරිට පිස්සු, නරි බුරති ඇතුළු වේදිකා නාට්‍ය තුනක් වේදිකාගත වෙනවා. ඉතින් එහි ප්‍රධාන චරිත මම රඟදක්වන්නේ. ඒ අනුව වේදිකාවටත් සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ගොඩක්ම අපේ රසික මනස හැඩගැහිලා තියෙන්නේ සරල මියුසික් වීඩියෝ එකක් බලලා රසවින්දනයක් ලබන්න. මම හිතනවා අපි ඉන් එහාට අපේ රසික ප්‍රජාව අරන් යා යුතුයි. ඒක පාසල් මට්ටමේ සිටම ක්‍රියාත්මක කළ යුතු දෙයක්. ඉතින් දැන් ඒ සඳහා හොඳ උසස් රසවින්දනයක් ලබාදිය හැකි නිර්මාණ බිහිවෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

ඉදිරි බලා‍පොරොත්තු ගැනත් කියමු?

මුලින්ම කීවා වගේ විවාහයට දැන් සූදානම් වෙනවා. ඒ වගේම පෙර කියූ නිර්මාණ තුළින් මාව ඉදිරියේදී දැකගන්න අවකාශය සැලසෙයි. ඊට අමතරව මම කරපු තිර පිටපත් කිහිපයක්ම තියෙනවා. ඊට නියම වටිනාකම දිය හැකි සාර්ථකව නිර්මාණයක් කළ හැකි හොඳම නිෂ්පාදකවරයෙක් හමුවුණොත් ඒ නිර්මාණයෙන් ඉදිරියේදී ඔබට හමුවේවි. ඉතින් මේ හැම දෙයක් එක්කම සතුටින් ඉන්න තමයි තියෙන එකම බලා‍පොරොත්තුව.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top