Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 02
1,412
Views
පිලිපීනයේ " මාවතේ රජු " ලෙසට සැලකෙන මගී ප්‍රවාහන ට්‍රක් රථ වසර 70ක පමණ කාලයක පටන් පිලිපීන ජනතාවගේ පොදු ප්‍රවාහන සේවය ලෙසට භාවිතයට ගෙන ඇත .

මෑතකදී රජය විසින් සිදුකල නිවේදනයකට අනුව තම රට තුල විධිමත් ප්‍රවාහන සේවාවක් ආරම්භකිරීමට පැනනැගුනු  අවශ්‍යතාවය හේතුවෙන් මෙම ට්‍රක් රථ සේවාවන් නවතා දැමිය යුතුබව එරට ජනපති තීරණය කල බව එරට මාධ්‍ය විසින් නිවේදනය කර ඇත.එහෙත් එම ට්‍රක්රථ රියදුරන් සහ පාලකවරුන් පවසන පරිදි මෙම ක්‍රියාමාර්ගය රජය විසින් ගෙන ඇත්තේ දශක ගණනාවක් පුරාවට තමා සිදුකල සේවයවත් ඇගයුමක් නොමැතිව නිර්ලැජ්ජිත ලෙස බව ඔවුන් පවසයි.

"අපි දුක් විඳින අය නිසා අපි දුප්පත් මිනිස්සුටත් කරදරයක් වෙලා තියෙනවා" යැයි ට්‍රක්රථ  රියැදුරෙක් පැවසුවේය . ඔහුගේ රථයෙන්  කළු පැහැති දුමාරයක් නිකුත්වීම  හේතුවෙන් රථවාහන පොලීසිය විසින් ඔහුට දඩ නියම කරනලද බවත් එය ගෙවීමට තරම් ඔවුන් සතුව නිසි වත්කමක් නොමැති බවත් පැවසුවේය .


දෙවන ලෝක යුද සමයෙන් පසුව භාවිතයෙන් ඉවත්කරන ලද වාහන ඇසුරෙන් මෙම රථ පිලිපීන වැසියන් විසින්ම අලුත්වැඩියා කටයුතුද සිදුකර ඒවගේ පැවති කර්කශ වර්ණ වෙනුවට එම වාහන ප්‍රියමනාප ලෙසට  තම සංස්කෘතිකම සහ ආගමික සංකේත යොදා අලංකාර කිරීමටද ඔවුන් කටයුතුකර ඇත .



දහ දෙනෙකු හෝ දහසයදෙනෙකු පමණ එකවර රැගෙන යන මෙම ට්‍රක්රථ වල පැසසිය යුතුතරමේ පහසුකම් දැකිය නොහැකිය. ඒවා අව්වට වැස්සට තෙමෙමින් මහා මග ගමන්ගන්නා අතරම මගින්ට නිසිපරිදි වැස්සෙන් ආරක්ෂා වියහැකි ලෙස නිර්මාණය කල වහලයක්වත් සමහර ට්‍රක්රථ වල දක්නට නොමැත.

සමහර අවස්ථාවලදී සියලු දෙනාටම ආසනද දක්නට නොමැත .එකාමත එකා පැටවී ජනතාව මැසිවිලි නොනගා එම වාහන වල ගමන් ගන්නේ කාලයක් පුරාවට ගමන්ගත් නිසාවෙන්ම විය හැකිය.
රජය විසින් උක්ත ක්‍රියාමාර්ගය ගන්නට ද මෙම වාහන වල පවතින අනාරක්ෂිත බව හේතුවක් වී ඇත.
"පැරණි හා අපිරිසිදු මහජන උපයෝගීතා ජීප් රථ බොහොමයක් තිබේ. එබැවින් අප එම ක්‍රියාමාර්ගය ගන්නට හේතු වුයේ " යනුවෙන් ඉඩම් ප්‍රවාහන  සහ නියාමන මණ්ඩලයේ සභාපති මාටින් ඩෙල්ගා  විසින් පැවසුවේය .
කෙසේ හෝ තව නුදුරු දිනකදීම පිලිපීනයේ වසර 70ක් පමණ කාලයක් පුරාවටම  රජකළ " මාවතේ රජු " සැබැවින්ම අවසන් ගමන් යනු ඇත.






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top