Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 30
1,093
Views
පිරිසිදු ජලයේ හිගකම හේතුවෙන් අපිරිසිදු ජලය නැවත පිරිපහදුකර පරිභෝජනයට ගැනීමට අද වනවිට බොහෝ රටවල් වලට සිදුවී ඇත .එයට හේතුව ලෙසට අප විසින් වෙරළේ තැන තැන දමන ප්ලාස්ටික් අපද්‍රව්‍ය , මැරුණු සතුන්ගේ මළකුණු ප්‍රධාන ජලමුලාශ්‍ර වලට එක්වීම මගින් ස්වාභාවික ජල මුලාශ්‍රයන් විනාශවීම වැනි කරුණුද හේතු වේ .


ලොව ප්‍රධානතම නගරයක් වන ' කේප් ටවුන් ' හි ඇතිවූ දුර්භික්ෂ තත්වය එම කලාපය තුල වසර තුනකට පසුව ඇතිවූ භයානකම දුර්භික්ෂය බවට විදෙස් වාර්තා සදහන් කරයි .බ්‍රසීලයේ දෛනික ජල අවශ්‍යතාවයෙන් 75% ක් සැපයු Cantareira ජල පද්ධතිය ද මේ වනවිට විනාශවී යන තත්වයට පැමිණී ඇත. 

ඉරානයේ විශාලතම ජල ප්‍රභවය වන ' ලේක් උර්මියා ' වැව ද මේ වනවිට වියළී ගොස් ඇත. මෙම වැව ඉරාන පරිසර දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කර ඇති අතරම නගරයෙහි ජලය සැපයීමට ද තවත් බොහෝ ක්‍රියාමාර්ගයන් යොදා ඇත. මෙම හිඟය දැන් ජාතික ප්‍රශ්නයක් ලෙසට නම් කර ඇති අතර ජනාධිපතිවරයා හෙට යහපත් හෙටක් වන බවට ජනතාවට පොරොන්දු වී ඇත.

නමුත් තවමත් එම ප්‍රදේශය නියඟයෙන් පීඩා විඳිති. කාම්බෝජයේ මිලියන 4 කට වැඩි පිරිසක් ආරක්ෂිත ජලය වෙත ප්‍රවේශයක් නොමැති අතර තවත් මිලියන 2 කට වැඩි පිරිසක් සනීපාරක්ෂක පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැත. මේ සියල්ල දරිද්‍රතාවය නොව, ස්වභාවික සම්පත් නොමැතිකමයි. කෙසේවෙතත්,යුගයේ අර්බුදය වටහාගත් කාම්බෝජ රජය මෙය සදහා අවදානය යොමු කල අතරම දුප්පත් ජනතාව සිය අදායමින් 108% ක් ජලය සදහා වියදම් කරයි. 

ඉන්දියාවේ අපවිත්‍ර ජලය හේතුවෙන් මිනිසුන් විශාල පිරිසකට තම ජල අවශ්‍යතාවන් ඉටුකෙරගැනීමට නොහාකිවී ඇත. වතුර බෝතලයක වියදම රුපියල් 15-20 අතර පවතින නමුත් මෙයද මිලට ගැනීමට නොහැකි අන්ත දුගී ජනතාවන් විශාල පිරිසක් ද ඉන්දියාව තුල ජිවත් වෙයි .මෙම ගැටලුවට මුහුණදුන් මිලියන 75.8 ක් ඉන්දියානුවන් - නැතහොත් රටේ ජනගහනයෙන් බිලියන 1.25 ක පමණ සිටින බවයි.


    

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top