Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 02
2,564
Views
ශ්‍රි ලංකාව මේ මස මැදදි බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වීමට නියමිතයි.
 
මෙම තරගාවලිය ආරම්භ කරමින් ලබන 17 වැනිදා ශ්‍රි ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර බංග්ලාදේශය සමග ටෙස්ට් සහ 20-20 තරගාවලි දෙකකට ක්‍රීඩා කිරීමටද ශ්‍රි ලංකාව සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් බංග්ලාදේශය මේ තරගාවලි තුන සඳහා සහභාගී වන්නේ ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිව බවයි බංග්ලාදේශයෙන් වාර්තා වන්නේ.

ඔවුන් සහය පුහුණුකරු වන රිචඩ් අල්සෝල් තාවකාලිකාව පුහුණුකරු ලෙස පත් කර ඇති අතර කළමණාකරු ලෙස කලීඩ් මහමුඩ් පත් කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ශ්‍රි ලංකා කණ්ඩායම සමග එක්වීමත් සමගයි ඔවුන් මෙම අර්බුදයට මුහුණ දුන්නේ.

විශේෂත්වය වන්නේ හතුරුසිංහ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වී මේ තරගාවලියට එක්වෙද්දි බංග්ලාදේශය ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිව තරගාවලියට එක්වීමයි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top