Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 January 02
3,944
Views
නත්තල් සැරසිලි සඳහා වනාන්තරවලින් ගස් කැපීමට විරෝධය පාමින් තරුණියක් නිරුවතින් විරෝධතාවක් දැක්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
මෙසේ විරෝධතාවයේ නිරත වී ඇත්තේ රුසියාවේ සයිබීරියා ප්‍ර දේශයේ ඉර්කුට්ස්ක් නගරයේ විශ්ව විද්‍යාල සිසුවියක වන Liana Klevtsova නැමැති තරුණියක්.
 
දැඩි ශීතල පවා නොතකමින් ඇය ප්‍රධාන වශයෙන් මෙම විරෝධතාවය දැක්වූයේ නත්තල් ගස් වෙනුවෙන් ෆර්ගස් කැපීමට එරෙහිවයි.

නත්තල් සැරසිලි කිරීමට අවශ්‍ය නම් එය ස්වාභාවිකව පවතින ගසක් යොදාගෙන කරන ලෙස ඇය කියා සිටියේ විදුලි බුබුලුවලින් සැරසූ ෆර් ගසක් අසළ සිටගෙනයි.

නිවෙස සැරසීමට අවශ්‍ය නම් ඇති තරම් කෘත්‍රිම ගස් මිලට ගත හැකි බවද ඇය පවසා තිබුණා.

Liana සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ "නිරුවත් සත්‍යය​" නම් එකමුතුවක් පිහිටුවාගෙන ඇති අතර ඉහළ යන තෙල් මිල​, සත්ත්ව හිංසනය වැනි කරුණුවලට එරෙහිව ද විරෝධතාවල නිරත වී තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top