නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම ලොව පුරා ප්රකටව සිටින්නේ බොහොම විනීත ක්‍රීඩා කණ්ඩායමක් හැටියටයි.
ඒත් පසුගිය දවස්වල නවසීලන්ත රග්බි ක්‍රීඩක ආරොන් ස්මිත්ට එරෙහිව තරුණියක් චෝදනාවක් නැඟුවා.
බ්‍රිජට් නමැති 29 හැවිරිදි තරුණියක් මෙසේ චෝදනා කර තිබුණා.
ඇය වෘත්තියෙන් නීතිවේදිනියක් වන අතර ඇය සඳහන් කොට ඇත්තේ දෙදෙනා වසර 2ක කාලයක් දැන හඳුනාගෙන සිටි අතර ලිංගිකවද හැසිරී ඇති බවත් තමන් එසේ හැසිරෙන ලද්දේ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයකින් බවත්ය.