මුරලිට එරෙහිව ආන්දෝලනාත්මක තීරණ ලබා දුන් ඕස්ට්‍රේලියානු විනිසුරුවන් වූ ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන්, මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා කළේ ඔහුට අගෞරවයක් සිදුකිරීමේ අරමුණින් යුතුව බව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් වෝ ප්‍රකාශ කළා.
ස්ටීව් වෝ සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු ලෙසයි.
ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ ස්ටීව් වෝ, මුත්තයියා මුරලිදරන් අදාළ චෝදනාව එල්ල වූ ටෙස්ට් තරඟයට සහභාගිවීම ද විශේෂත්වයක්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් මුහුණ නොදිය යුතු තත්ත්වයක් බවයි.
මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටළුවක් පැවතුණේ නම්, එය තරඟයට පෙර වෙනස් ආකාරයකින් විසදා ගත හැකිව තිබූ බවයි.
මුරලිදරන් මෙම චෝදනාවට ලක්වූයේ 1995 වසරේ බොක්සිං දින ආරම්භ වූ ක්‍රිකට් තරඟයේදීයි.