Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 18
3,604
Views
පසුගිය සිකුරාදා දින ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වූ අජින්ක්‍යා රහානේගේ පියා කොලාපුර් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු පැදවූ මෝටර් රථයේ ගැටී කාන්තාවක් මිය යාම හේතුවෙන්.

සුපිරි ක්‍රීඩකයාගේ පියා එම අනතුරින් පසුව කිසිත් නොකර මෝටර් රථයෙන් පලාගොස් ඇති අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරට පත්වූ කාන්තාව වයස අවුරුදු 67ක් වන අතර ඇයව රෝහල් ගත කිරීමෙන් පසුව මරණයට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොලාපුර් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර රහනේ මේ දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා සහභාගී වෙමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top