Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 17
1,890
Views
ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙරට කතුන්  සංචාරක විසා යටතේ ගෘහ සේවයට වෙනත් රටවලට පිටත් කිරීමේ ජාවාරමක යෙදුණු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ස්මයිල් නැමැති පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් විශේෂ සෝදිසි වරෙන්තුවක් අනුව ගලේවෙල නගර මධ්‍යයේ දී මෙම ස්ථානය සෝදිසි කොට එහි තිබූ කාන්තා ඡායාරූප 50 ක්, විදේශීය ගමන් බලපත්‍ර, වීසා පත්‍ර සහ ව්‍යාජ ලෙස සකසන ලද රාජ්‍ය ආයතන රැසක ලියකියවිලි, රබර් සීල් , ජාතික හැදුනුම්පත් ආදී ලියකියවිලි රැසක් සොයා ගන්නට එහිදි ගලේවෙල පොලිසියට හැකිවුණා.

මේ අතර මෙම පුද්ගලයා විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන කාන්තාවන්ට විවිධ අයථා යෝජනා කර ඔවුන්ව පොළඹවාගෙන ජංගම දුරකථන සංවාද සිදුකර පසුව ඒවා පටිගතකර කාන්තාවන් බිය ගන්වමින් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවද හෙළිව තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් එලෙස පොළඹවා ගන්නට තැත් කළ කාන්තාවක් උපක්‍රමශිලි ලෙස ඔහුව ජංගම දුරකතනය ඔස්සේ පටිගත කර එම දර්ශන පොලිසියට ලබාදී තිබුණා.

පසුව පොලිසිය විසින් පුවක්පිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසද පරීක්ෂා කර ඇති අතර එහි තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ ඡායාරූප, හැදුනුම්පත්, ගමන් බලපත්‍ර විවිධ ප්‍රදේශ වලින් ලබාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පිටපත් කිසිදු අත්සනකින් තොර වූ පොලිස් වාර්තා, පවුල් පසුබිම් වාර්තා, රබර් මුද්‍රා ආදී ලියකියවිලි රැසක් සොයා ගැනීමට සමත් වුණා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අදාළ සැකකරු පොලිසියට අයත් හිස්වැසුමක් පැළඳ ලබාගත් ඡායාරූප මෙන්ම පොලිස් ප්‍රජා සේවා කමිටුවේ සභාපතිවරයකු ලෙස පෙනී සිටිමින් සාදාගත් හැදුනුම්පත් දෙකක් ද එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබෙනවා.

සැකකරු කාන්තාවන් කිහිපදෙනෙකුම රවටමින් ලිංගික අල්ලස් ලබා ගෙන ඇති අතර ජංගම දුරකථනය හරහා අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ පටද එම කාන්තාවන්ට යවා ඇති බවයි හෙළිව ඇත්තේ.

එමෙන්ම ගලේවෙල ප්‍රදේශයේ මෙවැනි ජාවාරම්කරුවකුට හසුවී ඇත්නම් වහාම ගලේවෙල පොලිසිය අමතන ලෙස ස්ථානාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටිනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top