Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 15
2,085
Views
සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා 20/20 සංචිතයෙන් ඉවත් කරන්නට තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා.

නමුත් සිය ශාරීරික යෝග්‍යතාවය පෙන්වීම සඳහා එන් සී සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන මාලිංග දැන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රීමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරඟාවලියේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමග තරඟයට ක්‍රීඩා කරමින් සිටිනවා.

මාලිංග ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කරන්නේ වසර කිහිපයකට පසුවයි. සිය ශාරීරික යෝග්‍යතාව පෙන්වීමේ අරමුණින් මේ තරඟයට එක්වන මාලිංග ඔහු ක්‍රියාත්මක කළ දෙවන සහ තුන්වන පන්දුවාරවලදී කඩුලු දෙකක් දවා ගනිමින් සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙන්නට අද උදෑසන සමත් වුණා.

ඔහු‍ගේ දක්ෂතාවයේ සහායෙන් මේ වන විට ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ ලකුණු පුවරුව දැක්වෙන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 43 ලෙසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top