Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 11
1,775
Views
සුපිරි ක්‍රීඩක විරාත් කෝලිගේ හා සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාව වී තිබේ.

කෝලිගේ විවාහය මේ මස සිදුවන බව පසුගිය කාලය පුරාම රාවයන් පැතිර ගිය අතර, ශ්‍රී ලංකා කණඩායම සමග පැවත්වෙන එක්දින තරඟාවලියට කෝලි සහභාගී නොවීම මෙම සැකය තවත් තහවුරු කරන්නක් විය.

කෙසේ වෙතත් විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා සිය විවාහ මංගල්‍යය සඳහා ඉතාලියට ගොස් ඇති බව වාර්තාවෙයි

ඔවුන්ගේ විවාහය මංගල උත්සවයට පවුලේ උදවිය හා ඉතා සමීපතම මිතුරන් පමණක් සහභාගී වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර අතර Borgo Finocchieto නම් හෝටලයේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පැවත්වෙන බව සඳහන් වෙයි.

හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාද මෙහි නවාතැන් ගෙන ඇති බව සඳහන් වන අතර ෆෝබ්ස් සඟරාවට අනුව ලොව දෙවන වැඩිම අය කිරීමක් කරනා නිවාඩු නිකේතනය වෙයි.

ඔවුන්ගේ විවාහය හෙට (12) පැවැත්වීමට නියමිත බව සඳහන් වන අතර ,ඇතැම් ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන පරිදි එම දිනය දෙසැම්බර් 15 වෙයි.

මෙම විවාහය ඔවුන්ගේ ජීවිත වලට බොහෝ සර්ථකත්වයන් ලබාදෙන බව ඉන්දියානු ජෝතිෂ්‍යවේදියකු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ යම් යම් ආරවුල්ද ඇතිවිය හැකි බව එම ජෝතිෂ්‍යවේදියා සඳහන් කර තිබේ.

යුග දිවියට එළැඹී පළමු වසර දෙකේදී මෙම ආරවුල් ඇතිවිය හැකි බව සඳහන් කරන එම ජෝතිෂ්‍යවේදියා, ඔවුන් දෙදෙනාගේ වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවතය පටලවා ගැනීම මෙම තත්වයට හේතුවිය හැකි බව ඔහු සඳහන් කරයි.කෙසේ වෙතත් ඉන්පසුව කෝලි - අනුෂ්කා යුවළ යහපත් පවුල් ජීවිතයක් ගත කරනු ඇතයිද සඳහන් වෙයි.

ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top