Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 10
2,239
Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලියේ පළමු එක්දින තරඟය මේ වන විට ධර්මශාලා හිදී පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 112ක් රැස් කළා

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මහේන්ද්‍ර සිං දෝණි ලකුණු 65ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් සමඟින්.

කුල්දීප් යාදෙව් ලකුණු 19ක් සහ හර්දික් පාන්ඩයා ලකුණු 10ක් රැස් කළ අතර සෙසු කිසිඳු ක්‍රීඩකයෙකුටවත් ලකුණු 10 සීමාව පසුකරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ දිනේෂ් කාර්තික් පන්දු 18ක් තුල එක් ලකුණක් හෝ ලබා නොගෙන දැවී ගියා.

මෙය ඉන්දීය ක්‍රීඩකයෙක් එක්දින තරඟයක් තුල වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දෙමින් එකඳු ලකුණක් හෝ ලබා නොගෙන දැවී ගිය පළමු අවස්ථාව ලෙසට ඉතිහාසයට එක්වන බවයි විස්තර විචාරකයින් පවසා සිටියේ.

පන්දු 18කට මුහුණ දුන් දිනේෂ් කාර්තික් දවා ගන්නට සුරංග ලක්මාල් සමත් වුණා.

සුරංග ලක්මාල් ඉන්දීය ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර නුවන් ප්‍රදීප් කඩුලු 02ක් සහ ඇන්ජලෝ මැතිව්ස්, අකිල ධනංජය, සචිත් පතිරණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top