Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 10
503
Views
කැලිෆෝනියාවේ ඇති වූ ලැව් ගින්නක් අතරතුර සිදු වූ අපුරු සිද්ධියක් මේ වනවිට අන්තර්ජාලය පුරා කතාබහට ලක් වෙනවා. ඒ තමන්ගේ දිවි පරදුවට තබා අසරණ සතෙකුගේ දිවි බේරගන්න ඉදිරිපත් වුනු වීරයෙක් ගැනයි.

ගින්න කැලය පුරාවට පැතිරෙමින් තිබියදී , ජනතාව එයින් ඈතට දුවද්දී එක් පුද්ගලයෙකු පමණක් කෑ ගසමින් කැලය තුලට ඇතුළු වීමට උත්සහ දරනවා දුටු අසල සිටි මාධ්‍යවේදියකු තම කැමරාව සක්‍රිය කලේ සිදුවන්නට යන දේ ගැන කිසිම අදහසක් නොමැතිවයි. ඒ පුද්ගලයා කිසිම ආරක්‍ෂිත ඇඳුමකින් තොරව කොට කලිසමක් හා කමිසයක් ඇඳ සිටි නිසා ගිනි නිවන බටයකු වත් පොලිස් නිලධාරියෙකුවත් නොව සාමාන්‍ය සිවිල් පුද්ගලයකු යන්න පැහැදිලි වෙනවා.

මේ පුද්ගලයා තමන්ගේ දිවි පරදුවට තබා කැලය තුල පැතිර යන ගින්නට කලබල වී ඉබාගාතේ දුවන අහිංසක හාවෙකු එම ගින්නෙන් මුදවාගෙන දිවි බේරීමට සමත් වෙනවා. දැඩි පරිශ්‍රමයකින් පසුව කෙසේ හෝ තම දෑතට ගත් ''හා පැටවාව'' තම පපුවට තුරුල් කරගන්නේ ඉතාමත් සෙනෙහසිනි.. අදාළ සිදුවීම මාධ්‍යවේදියාගේ කැමරාවේ පටිගත වෙනවා. නමුත් මේ වීරයා කවුද යන්න මෙතෙක් කිසි කෙනෙක් දන්නේ නැහැ.

අදාළ සිද්ධිය පහතින්...

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top