Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 08
436
Views
ජනාධිපති ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවත් අසාර්ථක බැවින් වර්ජනය තවදුරටත් සිදුකරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
 
දුම්රිය සහයකයින් බදවා ගැනීමට විරෝධය පළ කරමින් එන්ජින් රියදුරන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළා.


පසුව ඔවුන් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඊයේ සාකච්ඡාවක් සිදුකළ අතර එය අසාර්ථකවීම හේතුවෙනුයි අද ජනාධිපති ලේකම්වරයා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

කෙසේ වෙතත්, එහිදී ජනාධිපති ලේකම්වරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවලට පැමිණි බව ද දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියා.

එහෙත් අනෙකුත් දුම්රිය වෘත්තීය සමිති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳුම් නොමැති නිසා තවදුරටත් වැඩවර්ජනයේ නිරත වන බවයි ඔහු සඳහන් කළේ.

දුම්රිය නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළේ වැටුප් විෂමතා මුල් කරගනිමින්.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top