Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 07
1,215
Views
ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 119 ක් එහිදී රැස්කළා.

ලකුණු 410 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 299 ක් ලබා ගැනීමට සමත්වුණා.

මෙම තරගයෙන් අනතුරුව ධනංජය ද සිල්වාගේ ඉණිම තමන් දුටු ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකේය කලාකරුවකු වන බුද්ධික ජයරත්න ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ 'තවත් තපස්සු භල්ලුක කෙනෙක් ' නොවිය යුතු බවයි.

එම සටහන පහතින් දැක්වෙනවා.

'ධනංජය මල්ලී, උඹේ ඉනිම දිහා ඊයේ බලන් හිටියා, ඒක මාරයි. ඒ උඹ 100 ගහපු නිසා නෙවෙයි.. මැරිච්ච ආච්චිලා සීයලා වැහිලා වැදිච්ච 100 ඒවා අපි ඕන තරම් දැකලා තියෙනවා.හැබැයි උඹේ 100 ගැහුවෙ උඹ කියලා දැනුන නිසයි මේ සටහන තබන්න හිතුනෙ.

ඒ හැම පහරකම තිබුනු විශිවාසනීය භාවය, පිරිපුන් බව අපිට දැන් ජ්‍යෙෂ්ඨයන්ගේ පිතිකරණයන් තුළවත් දකින්නට නැති තරම්. උඹ ඒ අපිට දීපු මහා බලාපොරොත්තුව ඒ ලෙසම තවත් කාලයක් අපි තියාගන්න කැමතියි.

දැන් පිටරටක ක්ලබ් එකකින් උඹට එන ලොකුම ලන්සුව ගැන නොහිතා, රටේ තියන සියලුම වෙළඳ ද දැන්වීම්වලට ගොස් තවත් තපස්සු භල්ලුක කෙනෙක් නොවී, රට ගැන හිතලා ක්‍රීඩා කළොත් මේ මුලු රටේම අම්මලා තාත්තලාගේ , සහෝදර සහෝදරියන්ගේ ආශිර්වාදය උඹට ලැබේවි...

උඹට ජය.....!!

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top