Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 07
543
Views
ශ්‍රී ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමේ සටන කරට ගත්තේ ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වායි.

තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74ක් ලබා සිටියා.

තරඟය ජය පරාජයෙන් තොරව කණ්ඩායම් දෙකේම නායකයින්ගේ එකඟතාවයෙන් නතරකළේ දිනය නිමාවන නියමිත් වේලාවට විනාඩි තිහක් තිබියදීයි.

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිය මංගල තරඟයට ක්‍රීඩාකළ රොෂේන් සිල්වා හෙළිකර තිබුණේ තරඟය නතරනොකොර ලකුණු 100ට යන ලෙස අනෙක් අන්තයේ සිටි නිරෝෂන් දික්වැල්ල තමාට පැවසූ බවයි.

නමුත් ශතකය හඹා ගොස් තමා දැවී ගියා නම් එය ශ්‍රී ලංකා පරාජයේ ආරම්භය වන්නට ඉඩ තිබූ නිසා තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි රොෂේන් සිල්වා පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ "දික්වැල්ල හැමවිටම ධනාත්මකව හිතන කෙනෙක් , එයා කියපු කතාව හරි , නමුත් මගේ කඩුල්ල දැවී ගියානම් ඉන්දියාව නැවතත් තරඟයට පිවිසිලා ජයග්‍රහණය කරා ගමන් කරන්නට ඉඩ තිබ්බා මේ නිසා මගේ ශතකය ගැන නොසිතා තරඟය ජය පරාජයෙන් තොරව නිමකරන්නට මම තීරණය කළා".

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top