Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 07
236
Views
ශ්‍රී ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරඟයට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ උපනායක ලහිරු තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් කරමින්.

උප නායකයා වූ තිරිමාන්න තුන්වන ටෙස්ට් තරඟයෙන් ඉවත් කිරීම අසීරු තීරණයක් වූ බව නායක දිනේෂ් චන්දිමාල් පැවසූවේ ඊයේ තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමෙන් පසු නවදිල්ලී නුවර ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගනයේදී මාධ්‍ය වෙත අදහස දක්වමිනුයි.

චන්දිමාල් පැවසූවේ තිරිමාන්න ඉවත් කර ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීම අවසානයේ සාර්ථක විසඳුමක් වූ බවයි.

උප නායකයා ලෙස තිරිමාන්න ඉවත් කිරීම සහ තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් වීම නායකයා ලෙස තමාට පමණක් නොව තිරිමාන්නටද අසීරූ අවස්ථාවක් වූ බව චන්දිමාල් හෙළිකළා.

එසේ නමුත් ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වා ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව චන්දිමාල් අදහස් පළකළේ දැඩි උද්යෝගයකින්.

මේ අතර නවදිල්ලි නුවර පැවති විෂ දුමාරය සහිත තත්ත්වය සිය ක්‍රිකට් දිවියේ තමන් මුහුණ දුන් අසීරුම අවස්ථාවක් බවද චන්දිමාල් පවසනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top