Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 07
426
Views
වසරකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රි ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන කුමාර සංගක්කාරයි.
 
ඔහු 2014 වසරේදී ටෙස්ට්, එක්දින සහ 20-20 තරගවලදී ලකුණු 2868 ක් රැස් කළා.

නමුත් ඉන්දියාවේ විරාත් කෝලි තුන්වන ටෙස්ට් තරගය නිමා වන විට රැස් කර ගෙන ඇත්තේ ලකුණු 2818 ක් පමණයි.

ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලි වලදී කෝලි විවේක ගන්වා තිබීම හේතුවෙන් ඔහුට වසරකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අහිමි වී ගියා.

මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය අදහස් දක්වා තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් කුමාර සංගක්කාර පවසා ඇත්තේ කෝලි ක්‍රීඩා කරන විලාශය අනූව මෙම වාර්තාව ලබන වසරේදී ඔහු බිඳ හෙලනු ඇති බවයි.

ඉන් පසු නැවතත් එම වාර්තාවද කෝලි බිඳ හෙලනු ඇති බවට සංගක්කාර ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top