Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 December 05
262
Views
පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් මනල්තිව් ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ නීති විරෝධි මහා පරිමාණ වැලි ජාවාරමක් පසුගියදා පුත්තලම මූලස්ථාන පොලිස් නිලධාරින් වටලනු ලැබුවා.

 
වසර ගණනාවක සිට ඉවක් බවක් නොතකා නීති විරෝධිව බලපත්‍ර රහිතව මනල්තිව් මී ඔය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලැබූ මේ මහා පරිමාණ වැලිජාවාරම සම්බන්ධයෙන් දිගින් දිගමට ප්‍රදේශවාසීන් විසින් කිහිප වතාවක්ම පුත්තලම පොලීසියට තොරතුරු ලබා දීමෙන් අදාල වැටලීම සිදුකල බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලි ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණ අතරින් පාරු 6ක්, පාරු සදහා යොදා ගන්නා යකඩ බැරල් 50ට ආසන්න ප්‍රමාණයක්, සවල් සහ පනිට්ටු ඒ අතර තිබී හමුව ඇති බවත්, අදාළ ස්ථානය වැටලීම් සිදුකරන අවස්ථාවේදී කිසිදු සැකකරුවෙකු එම ස්ථානයේ නොසිට ඇති බවයි පරික්ෂණ පවත්වන පුත්තලම පොලීසිය සදහන් කලේ.

නීති විරෝධි මෙම වැලි ජාවාරම හේතුවෙන් මේ වන විට මී ඔය ආශ්‍රිතව උග්‍ර පාරිසරික ගැටළු රැසක් පැන නැගී ඇති අතර, මී ඔය ස්ථාන කිහිපයකින් මේ වන විට අවහිරවීම නිසාවෙන් ජලය ගලා යාම තාවකාලිකව නතර වී ඇති බවත් සඳහන්.

ඒ හේතුව නිසාවෙන් පවතින වර්ෂාපතනයත් සමග නුදුරේදී ගංවතුර අවධානම් තත්ත්වයක් උද්ගතවීමට ඇති ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top