Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 30
315
Views
දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වලට අද දිනයේත් මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන 5.30 න් අවසන්වූ කාලය තුළ මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට ලැබී තිබෙනවා.


මේ අතර අයහපත් කාලගුණයත් සමඟ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් ජාතික රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

එම ලොරි රථයේ පුද්ගලයන් 6 දෙනෙකු ගමන්කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවූ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදීයි එක්පුද්ගලයෙකු මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝණවල කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩාවැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගතකිරීමේදී ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යතුරුපැදිකරු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඔහු මඩොල්සිම මැටිගහතැන්න ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර අම්බලගොඩ කහව මුහුදු තීරයේ ධීවර කටයුතු වල නියැලෙමින් සිටි බෝට්ටුවක් පෙරලී යාමෙන් එහි ගමන්කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල පාසල් වාර විභාගය කල් දමා ඇති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

මේ අතර අද දිනයේදී එම පළාත්වල සියලුම පාසල්වලට නිවාඩු ලබාදී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් හරහා ඊයේ රාත්‍රී හමා ගිය දැඩි සුළං හේතුවෙන් ගස් කඩාවැටී නිවාස සහ දේපළ රැසකට හානි සිදුව තිබෙනවා.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට මේ වනවිටත් විදුලි බලය ඇණහිට ඇති බවයි.

ගස් අතු සහ දැන්වීම් පුවරු ඊයේ පැවති අධික සුළං හේතුවෙන් මාර්ගවලට කඩාවැටී ඇති අයුරු දක්නට ලැබෙන බව අද උදෑසන එහි ගිය හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

එමෙන්ම රත්නපුරය, මාතර, නුවරඑලිය, ගාල්ල, මාතලේ, බදුල්ල යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ගස් කඩාවැටීම නිසා උඩරට සහ කැළණිවැලි දුම්රිය මාර්ගවල ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.

එමෙන්ම කටුනායක අවට ඊයේ පැවති තද සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් තොටුපල වෙත පැමිණි යානා 3 ක් මත්තල ගුවන් තොටුපල වෙත හරවා යවා තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුූර් නුවර සිට රාත්‍රී 10 ට පැමිණි එයාර් ඒෂියා ගුවන් යානයත්, චෙන්නායි සහ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා දෙකකුත් මෙලෙස හරවා යවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව අද අලුයම එකට පමණ මෙම ගුවන් යානා යළි කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ කටුනායක අවට මේ වනවිට යළිත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල පාසල් වාර විභාගය කල් දමා ඇති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

මේ අතර අද දිනයේදී එම පළාත්වල සියලුම පාසල්වලට නිවාඩු ලබාදී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් හරහා ඊයේ රාත්‍රී හමා ගිය දැඩි සුළං හේතුවෙන් ගස් කඩාවැටී නිවාස සහ දේපළ රැසකට හානි සිදුව තිබෙනවා.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට මේ වනවිටත් විදුලි බලය ඇණහිට ඇති බවයි.

ගස් අතු සහ දැන්වීම් පුවරු ඊයේ පැවති අධික සුළං හේතුවෙන් මාර්ගවලට කඩාවැටී ඇති අයුරු දක්නට ලැබෙන බව අද උදෑසන එහි ගිය හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

එමෙන්ම රත්නපුරය, මාතර, නුවරඑලිය, ගාල්ල, මාතලේ, බදුල්ල යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෝටර් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකු මියගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ගස් කඩාවැටීම නිසා උඩරට සහ කැළණිවැලි දුම්රිය මාර්ගවල ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.

එමෙන්ම කටුනායක අවට ඊයේ පැවති තද සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් තොටුපල වෙත පැමිණි යානා 3 ක් මත්තල ගුවන් තොටුපල වෙත හරවා යවා තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුූර් නුවර සිට රාත්‍රී 10 ට පැමිණි එයාර් ඒෂියා ගුවන් යානයත්, චෙන්නායි සහ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා දෙකකුත් මෙලෙස හරවා යවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව අද අලූයම එකට පමණ මෙම ගුවන් යානා යළි කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ කටුනායක අවට මේ වනවිට යළිත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top