Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 30
224
Views
කටකථාවලට නොරැවටෙන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සුනාමි හෝ කුණාටු තත්ත්වයක් දිවයින ආශ්‍රිතව පවතින බවට පැතිර යන කටකථාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.


මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නාය යෑමේ අවදානම් තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, මාතලේ, යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම් තත්වය ප්‍රකාශ කර ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ

මේ අතර ඊයේ රාත්‍රියේ ඇතිවූ දැඩි සුළං තත්ත්වයත් සමග ගස් කඩාවැටීම නිසා ඇතැම් ප්‍රදේශවලට ඇණහිට ඇති විදුලි සැපයුම යථා තත්වයට පත් කිරිම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන සඳහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තාවන බවයි.

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් හරහා ඊයේ රාත්‍රී හමා ගිය දැඩි සුළං හේතුවෙන් ගස් කඩාවැටී නිවාස සහ දේපළ රැසකට හානි සිදුව තිබෙනවා.

ගස් අතු සහ දැන්වීම් පුවරු ඊයේ පැවති අධික සුළං හේතුවෙන් මාර්ගවලට කඩාවැටී ඇති අයුරු දක්නට ලැබෙන බව අද උදෑසන එහි ගිය හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ගස් කඩාවැටීම නිසා උඩරට සහ කැළණිවැලි දුම්රිය මාර්ගවල ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.

එමෙන්ම කටුනායක අවට ඊයේ පැවති තද සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් තොටුපල වෙත පැමිණි යානා 3 ක් මත්තල ගුවන් තොටුපල වෙත හරවා යවා තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුූර් නුවර සිට රාත්‍රී 10 ට පැමිණි එයාර් ඒෂියා ගුවන් යානයත්, චෙන්නායි සහ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා දෙකකුත් මෙලෙස හරවා යවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව අද අලූයම එකට පමණ මෙම ගුවන් යානා යළි කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ කටුනායක අවට මේ වනවිට යළිත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වලට අද දිනයේත් මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන 5.30 න් අවසන්වූ කාලය තුළ මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට ලැබී තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top