Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 29
711
Views
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල වැඩි කරන ලෙසට ඔවුන් විසින් කළ ඉල්ලීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ සිය දකුණු අප්‍රිකානු සංචාරයට පෙර මෙලෙස තම කොන්ත්‍රාත් මුදල වැඩිකර දෙන ලෙසයි.


ඒ අනුව මේ පිළිබඳව ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක දෝනි සහ කෝලි එක්ව එරට ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රී ද ඔවුන්ගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙලෙස ඔවුන් සිය කොන්ත්‍රාත් ගාස්තුව වැඩිකර දෙන ලෙස ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වීමත් සමඟයි.

මේ අතර ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් සහ එක්දින ICC ශ්‍රේණිගත කිරීම් හි මුල්තැන හිමිකරගැනීමත් සමඟ මෙලෙස කොන්ත්‍රාත් මුදල් වැඩිකිරීම කෙරෙහි එරට ක්‍රිකට් බලධාරීන්ගේද විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශ්‍රේනිගත කිරීම් A,B,C, වශයෙන් ප්‍රධාන ඛාණ්ඩ තුනක් යටතේ විශේෂ ගෙවීම් කරනු ලබනවා.

ඉන් A ඛාණ්ඩයේ ශ්‍රේනිගත කිරීම්හි සිටින ක්‍රීඩකයන් හට ඉන්දියන් රුපියල් කෝටි දෙකක්‌ ගෙවනු ලබනවා.

එය රුපියල් කෝටි හතර දක්‌වා වැඩි කරන දෙන ලෙසයි මෙම යෝජනාවෙන් ක්‍රීඩකයන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව B ඛාණ්ඩයේ ශ්‍රේනිගත කිරීම් හි සිටින ක්‍රීඩකයන් හට ඉන්දියන් රුපියල් කෝටියේ සිට කෝටි තුන දක්‌වා වැඩි කරන ලෙසත් C ඛාණ්ඩයේ ශ්‍රේනිගත කිරීම් හි සිටින ක්‍රීඩකයන් හට සාධාරණ ගාස්‌තු වැඩිවීමක්‌ අපේක්‍ෂා කරන බවත් එම ඉල්ලීම් වල වැඩිදුරටත් දැක්වෙනවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top