Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 29
822
Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීම වලක්වාලමින් දෙසැම්බර් මස 6 වනදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තමන්ට එරෙහිව පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ පෙත්සමක් ගොනුකළා.


සිය පෙත්සම මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීමේ සූදානමක් පවතින බවයි.

එසේ කටයුතු කර අත්අඩංගුවට ගෙන ඇප නොදී රඳවා ගැනීමේ සුදානමක් පවතින බවද පෙත්සමේ සඳහන්.

පොදුදේපොළ පනත යටතේ කටයුතු කර අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් ඇතැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ද ඊයේ(28) අධිකරණයේ දී සඳහන් කළා.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ලවී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනේ පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top