සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සහීර් ඛාන් පසුගියදා විවාහ ගිවිසගත්තා ඒ සුරූපි බොලිවුඩ් නිළියක වන සාගරිකා සමගින්.
ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ ඊයේ දිනයේදී.
සුපිරි බොලිවුඩ් තරු සමගින් සුපිරි ක්‍රිකට් තරු රැසක්ද සහීර්ගේ සහ සාගරිකාගේ විවාහ උත්සවයට එක්වුණා.
මේ උත්සව අවස්ථාවට පැමිණි සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා එහිදි ඉදිරිපත් කළ නර්තනය මේ වෙද්දි ඉන්දීයාවේ ලැව් ගින්නක් සේ පැතිරෙමින් තිබෙනවා.