Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 24
521
Views
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර වරද පිළිගත් ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් අට දෙනාගෙන් 6 දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 2 ක සිර දඬුවම් නියම කළා.

එම දඬුවම වසර 12 කට අත්හිටුවීමටයි ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ ඉදිරියේ අද(23) කැඳවූ අවස්ථාවේදී නියෝග කෙරුණේ.


8 වන විත්තිකරුවෙකු අවුරුදු 18ට අඩු පාසල් සිසුවෙකු වීම හේතුවෙන් ඔහුට තරයේ අවවාද කර තිබෙනවා.

2 වන විත්තිකරු රජයේ සේවකයෙකු නිසා ඔහුට සිර දඬුවම් නියම කර නැහැ.

එහෙත් රුපියල් 75000ක වන්දියක් ගෙවීමට නියම කෙරුනා.

එමෙන්ම මෙහිදී සිර දඬුවම් නියම වූ විතිකරුවන් 6 දෙනාගෙන් 5 දෙනෙකුට රුපියල් 33000 බැගින් දඩ හා පැහැරගැනීමට ලක්වූ තරුණයාට රුපියල් 40,000 බැගින් වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරයා නියම කළා.

5 වන විත්තිකරු වන සිද්ධියට මුල් වූ කාන්තාවගේ සැමියාට රුපියල් 10,000 ක වන්දියක් ගෙවීමට වීනිසුරුවරයා නියම කළා.

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සම්බන්ධයෙන් නඩුව ලබන ජනවාරි 23 වන දා කැඳවීමට නියමිතයි.

ගොතටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු දෙමටගොඩදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් අට දෙනාට විරුද්ධව නීතිපතිවරයා විසිනුයි මෙම නඩුව පවරා තිබුණේ.

පුද්ගලයෙකු පැහැරගෙන යාම, පැහැරගෙන යාමට අනුබල දීම, පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකිරීම හා නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන ප්‍රධාන චෝදනා සමඟ කියැවෙන අධිචෝදනා 16 ක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරියේ නීතිපතිවරයා සටහන් කර තිබෙනවා.

මෙසේ දෙමටගොඩ රෙදිපිළි අලෙවිසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමට ලියාපදිංචි කරන ලද 62 - 1859 දරන ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගත්තේ 2015 දෙසැම්බර් 21 වන දායි.

පැහැර ගැනීම සිදුවූ ස්ථානයේ සිටි 11 හැවිරිදි දැරියකගෙන් ද මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය මීට පෙර සඳහන් කළා.
මෙම පැහැර ගැනීමට පැමිණි එක් පුද්ගලයෙකු අදාළ කුඩා දැරිය එම ස්ථානයට රැගෙන එනු ලැබුවා.

දැරියගේ ප්‍රකාශය පිළිබදව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් කරුණු වාර්තා කළ අතර, පැහැර ගත් තරුණයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරියට රැගෙන ගිය බව එහිදී අනාවරණ වී තිබුණා.

අදාළ දැරිය ලබාදුන් ප්‍රකාශයේ දෙසැම්බර් 21 වන දා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හමුවීමට දැරිය, පියා සමඟ ගිය බවත් පසුව එතැන සිටි කිහිප දෙනෙකු සමඟ කළු පැහැති ජීප් රථයකින් දෙමටගොඩ රෙදිකඩයට ගිය බවත්, අනතුරුව තරුණයා රැගෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හමුවීමට ගෙන ගිය බවත් සඳහන් වනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top