Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 24
370
Views
ලොව මෙතෙක් බිහි වී ඇති වේගවත්ම කාර් රථය මේ වන විට එළිදක්වා තිබෙනවා. මෙම කාර් රථය ඉවත් කළ හැකි වීදුරු වහලයකින් සමන්විත වන අතර තත්පර 1.9 ක කාලයක් ඇතුළත පැයට සැතපුම් 0 සිට 60 දක්වා ගමන්කළ හැකි වනවා.
 
තවද මෙම සුවිශේෂි කාර් රථය පැයට සැතපුම් 250 කට වඩා වැඩි වේගයකින් ධාවනය කිරීමේ හැකියාවද පවතිනවා.

ඩොලර් 2,00,000 ක් වටිනා මෙම ස්පෝර්ට්ස් කාර් රථය ටෙස්ලා හි ප්‍රථම වාහන නිෂ්පාදනයේ යාවත්කාලීන අනුවාදයයි.

පුද්ගලයන් 4 දෙනෙකුට අසුන්ගත හැකි වන අතර තනි වාරයකදි සැතපුම් 600 ක දුරක් ගමන් කිරීමටද හැකියාව පවතිනවා.

මෙය විද්‍යුත් වාහනවල නව වාර්තාවක් ලෙසද සඳහන් කිරීමට හැකියි.

පළමු shiny Roadster කාර් රථ දහසේ වටිනාකම ඩොලර් 2,50,000 වන අතර ඉන් පසුව පැමිණෙන මාදිලිවල වටිනාකම ඩොලර් 2,00,000 ක් වනවා.

නමුත් shiny Roadster මෝටර් රථ මිලදී ගැනීමේ හැකියාව පවතින්නේ 2020 වසරේදීයි.

මෙම කාර් රථය සඳහා බලශක්තිය සපයනු ලබන්නේ කිලෝවොට් 200 ක බැටරි පැක් එකක් මගින් වන අතර shiny Roadster රථය අධිවේගී වේගයෙන් උපරිමව සැතපුම් 500 ක් ධාවනය කළ හැකියි.

මෙහි මෝටර් 4 ක් තිබෙන අතර සෑම රෝදයකටම සපුපසින් මේවා පිහිටා තිබෙනවා.

මෙම කාර් රථවල චාර්ජ් කිරීම සහ නඩත්තු කිරීමේ මිල අධික මෙන්ම සංකීර්ණ තත්ත්වකද පවතින බවයි සඳහන් වන්නේ.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top