Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 22
363
Views
වයස අවුරුදු 10 ක පමණ වූ පාසල් සිසුවියන් 3 දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අම්පාර - සමන්තුරෙයි අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසලක විදුහල්පතිවරයෙකුයි.

අත්අඩංගුවට ගත් විදුහල්පති වරයා ඊයේ (21) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි සැකකාර විදුහල්පති වරයා තමා කල වරද පිලිගෙන ඇති බවද සදහන්.

ඒ අනුව අධිකරණයෙන් ලැබුණු තීන්දුවට අනුව සැකකාර විදුහල්පතිවරයා දෙසැම්බර් මස 5 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස සමන්තුරේ මහෙස්ත්‍රාත් එච්.එම්.එම් පසීල් මහතා ඊයේ නියෝග කර තිබෙනවා.

මෙම විදුහල්පතිවරයා මීට පෙරද විදුහල තුළ දී අවස්ථා කිහිපයකදී සිසුවියන් තුන්දෙනාව අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.

පසුව ඒ පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට තිබුනේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top