Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 17
816
Views
තම ගංජා ජාවාරම සිදුකරගෙන යෑමට පොලිසියට අල්ලස් දීමට ගිය පුද්ගලයෙකු පොලිසිය තුලදීම අත්අඩංගුවට ගත් පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොහු අකුරුගොඩ රංපැටියා නොහොත් ගමගේ දයාසිරි නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.


දීර්ඝ කාලයක සිට ගංජා ජාවාරම සිදුකරන මෙම පුද්ගලයා පසුගිය දිනක මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට හසුවී ඇති අතර රුපියල් 8,000 දඩයක් මත නිදහස් කර තිබුණා.

දිගින් දිගටම තමා වැටලීමට ලක්කිරීම හේතුවෙන් පොලිසිය සමඟ ගිවිසුමකට එළඹීමට ඔහු තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු මාලිම්බඩ පොලිසියේ නිලධාරියකුට දුරකථන ඇමතුමක් ලබාදී සඳහන් කර ඇත්තේ තමන් ඒ සඳහා මාස්පතා රුපියල් 15000ක් ලබාදීමට සූදානම් බවයි.

ඒ අනුව ඔහු අද (17)රුපියල් 15,000ක මුදලක් රැගෙන ගොස් ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම ජාවාරම සිදුකරගෙන යෑමට ඉඩදෙන ලෙසයි.

එම අවස්ථාවේදී මාලිම්බඩ පොලිසිය තුලදීම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති ජයවික්‍රම මහතාගේ උපදෙස් අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර සැකකරු හෙට (18) මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top